Home » වසරේ ජනතාවගේ පුද්ගලික බැංකුව කිරුළ යළි කොමර්ෂල් බැංකුවට

වසරේ ජනතාවගේ පුද්ගලික බැංකුව කිරුළ යළි කොමර්ෂල් බැංකුවට

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැලඳී ය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත ය.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) අංශයට වැඩිම ණය සම්පාදනය කරන බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය 2023 දෙසැම්බර් 31 අවසන් වූ වසර සඳහා රු. ට්‍රි. 2.656 ක වත්කම්, රු. ට්‍රිලියන 2.148 ක තැන්පතු, රුපියල් ට්‍රි. 1.296 ක ණය කළඹක් සහ රු. බි. 341.566 ක දළ ආදායමක් වාර්තා කරන ලදී.

මහජනතාව ගේ දෛනික ජීවිතයේදී බැංකුව ඉටුකරන කාර්යභාරයේ වැදගත්කම මහජනතාවගේ ඇගැයීමට ලක් වීම, විශාල සතුටක් බව බැංකුව පවසයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division