Home » යූනියන් ඇෂුවරන්ස් සහ යූනියන් බැංකුව බැංකු රක්ෂණය අගයයි

යූනියන් ඇෂුවරන්ස් සහ යූනියන් බැංකුව බැංකු රක්ෂණය අගයයි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

යූනියන් ඇෂුවරන්ස් සමාගම, යූනියන් බැංකුවේ බැංකු රක්ෂණ අංශය වෙනුවෙන් සම්මාන පිරිනැමීම සඳහා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ පැවති Diamond Awards 2023 සම්මාන උළෙලට සත්කාරකත්වය සැපයීය. ‘නොබිඳෙන දීප්තිය (Unbreakable Brilliance)… යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පැවැත්විණි. මෙහිදී ජයග්‍රාහකයින් 85 දෙනකුට අධික සංඛ්‍යාවක් සහ 2023 වසරේ පැවති දියමන්ති සම්මාන තරගාවලියේ ජයග්‍රාහකයින් සහ ප්‍රධාන විධායක නිලධාරී තරගාවලිය (CEO’s Lounge Competition) සඳහා සුදුසුකම් ලැබූ සාමාජිකයින් ද අගැයිමට ලක් විය.

යූනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී, ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ සඳහන් කළේ, “යූනියන් බැංකුව සහ යූනියන් ඇෂුවරන්ස් සමාගම නව්‍ය ජීවිත රක්‍ෂණ විසඳුම් සමඟ පාරිභෝගිකයාගේ මූල්‍ය යහ පැවැත්ම වැඩිදියුණු කරන අතරම නිෂ්පාදන පිරිනැමීම් වැඩිදියුණු කර තිබෙන අතර, මෙම සහයෝගීතාව හේතුවෙන් වසර ගණනාවක් පුරා ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වූවා …” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division