Home » ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව සාර්ථකව නිමාවේ

ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව සාර්ථකව නිමාවේ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

සිය බෙදාහැරීම් ජාලයේ විශිෂ්ටයන් ඇගැයීමට සංවිධානය කළ ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිත සමුළුව අතිඋත්කර්ෂවත් ලෙස සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී නොබෝදා පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින දහස් ගණනක් වූ ටෝකියෝ සිමෙන්ති බෙදාහැරීමේ ජාලය අතරින්, ගෙවුණු වර්ෂයේ වෙළෙඳ ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවි නියෝජිත ආයතන 140කට ආසන්න ගණනක් එහිදී සම්මානයට පාත්‍ර වූහ. ආර්ථික අභියෝග රැසක් හමුවේ 2024 වසර පුරා සමාගමට ලබාදුන් අඛණ්ඩ සහයෝගය අගයමින් හොඳම ටෝකියෝ සිමෙන්ති අලෙවි නියෝජිතයින්ට මෙහිදී වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, සිටි හාඩ්වෙයාර් ඇන්ඩ් ස්ටෝර්ස් – යාපනය, අන්ජෙනෙයාර් සිමෙන්ට් ඇන්ඩ් හාඩ්වෙයාර් ඩීලර්ස් – මඩකලපුව, නැෂනල් ට්‍රේඩිං ස්ටෝර්ස් – කුරුණෑගල, ෂන්මුගම් ස්ටෝර්ස් – කිලිනොච්චිය, එමරල්ඩ් හාඩ්වෙයාර් – උඩුප්පිඩ්ඩි සහ හංසිකා ට්‍රාන්ස්පොර්ට් – කටුනේරිය යන ව්‍යාපාර ආයතන වසරේ විශිෂ්ටතම ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැලඳූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division