Home » RDB තණමල්විල නව පරිශ්‍රයකට

RDB තණමල්විල නව පරිශ්‍රයකට

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

RDB බැංකුවේ තණමල්විල ශාඛාව වඩා වැඩි පහසුකම් සහිත ස්ථානයක් කරා ප්‍රවිෂ්ට වීම පසුගිය අප්‍රේල් 08 වැනි දින සිදු විය. RDB බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සුමේධ එදිරිසූරියගේ ආරාධනයෙන් බැංකුවේ සභාපති සිරිකුමාර ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි. RDB බැංකුවේ මෙහෙයුම් හා බැංකු සහාය සේවා පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්දුල ද සිල්වා, ඌව පළාත් ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී කේ.බී. විජේරත්න ඇතුළු ආරාධිතයින් සහ RDB බැංකුවේ ගනුදෙනුකරුවන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ව්‍යවසායකයින් විද්‍යුත් ගෙවීම් පියවීම් මාධ්‍යයන් වෙත හුරු කරවීම සඳහා RDB Qr, VISA Debit කාඩ්පත් පහසුකම් ලබා දීම මෙන්ම, ව්‍යවසායකයින් වෙත ලීසිං පහසුකම සහ මූල්‍ය පහසුකම් ප්‍රදානයද සිදු විණි. ඌව පළාත් කාර්ය මණ්ඩලය සහ තණමල්විල ශාඛා කළමනාකරු චතුර හීනටිගල ඇතුළු කාර්යය මණ්ඩලය ද මේ සඳහා සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division