Home » කාන්තාවන් සවිබල ගැන්වීමට SDB බැංකුවෙන් ප්‍රචාරණ ව්‍යාපෘතියක්

කාන්තාවන් සවිබල ගැන්වීමට SDB බැංකුවෙන් ප්‍රචාරණ ව්‍යාපෘතියක්

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

SDB බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු 48%ක් කාන්තාවන් වීම තුළ කාන්තාවන්ට සමතැන් ලබාදීම ප්‍රවර්ධනය කිරීමට බැංකුව තුළ වන අවශ්‍යතාව නිරූපණය වේ.

SDB බැංකුවේ සේවයේ නිරත විශිෂ්ට කාන්තාවන් හඳුනා ගනිමින් සහ ඔවුන් ඇගැයීමට ලක් කරමින් පසුගිය මාර්තුවේ අද්විතීය ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, එය රට පුරා කාන්තාවන් සවිබල ගැන්වීමේ දැවැත්ත සංවිධානාත්මක ක්‍රියාවලියක් විය.

දහස් ගණනක් ව්‍යවසායකයන් හඳුනා ගැනීම, ඔවුන් දැනුම්වත් කිරීම, උපදේශන සිදු කිරීම සහ මූල්‍ය ආධාර ලබාදීම ආදී පියවර මඟින් ග්‍රාමීය ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් අගනා මෙහෙයක් සිදු කරන SDB බැංකුව කාන්තා ව්‍යවසායකයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් මෙම කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම වෙනුවෙන් ඇ. ඩො. මි. 40ක මූල්‍ය ප්‍රතිපාදන SDB බැංකුවට ප්‍රදානය කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division