Home » HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් IFRS 17 සඳහා අනුගත වේ

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් IFRS 17 සඳහා අනුගත වේ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment
නලින් සුබසිංහ

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය 17 (International Financial Reporting Standard – IFRS 17) ට අනුගතව සිය මූල්‍ය මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් පියවරක් ඉදිරියට තැබූ අතර, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ඒ සඳහා WTW ආයතනයේ උපදේශකත්වය යටතේ WTW හි ResQ Financial Reporter (FR) පද්ධතිය යොදා ගැනීමට කටයුතු යොදා ඇත. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම WTW ආයතනය සමඟ සහයෝගීතාවයෙන් ResQFR පද්ධතිය යොදාගන්නා ශ්‍රී ලංකාවේ පළමු දේශීය රක්ෂණ සමාගම වීම විශේෂත්වයකි. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන ජීවගණක නිලධාරී (Chief Actuarial Officer) නලින් සුබසිංහ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ResQFR නිසා අපට අලුත් නියාමන යාන්ත්‍රණයේ සංකීර්ණ අවශ්‍යතාවන් සාර්ථකව කළමනාකරණය කරමින් අපේ මෙහෙයුම්වල විනිවිද බව සහ කාර්යක්ෂමතාවය උපරිම මට්ටමක පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා…”

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division