Home » කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment
ෂාර්හන් මුෂීන් සහ රාජා සේනානායක

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස, ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස, මූල්‍ය සේවා වෘත්තිකයකු වන රාජා සේනානායක මහත්වරු පත්කර තිබේ.

මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම තනතුරෙන් විශ්‍රාමයාම හේතුවෙන් මුෂීන් මහතා සභාපතිවරයා වීමෙන් පසුව උප සභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුව සඳහා විධායක නොවන අධ්‍යක්ෂවරයකු වන සේනානායක මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්, ආයතනික මූල්‍යනය සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළවල් යන අංශ සම්බන්ධයෙන් පුළුල් අත්දැකීමක් සහිත බැංකුකරුවෙකු වේ.

2020 සැප්තැම්බර් මාසයේ සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු වූ රාජා සේනානායක මහතා CA Sri Lanka හි සාමාජිකයකු වන අතර ගණකාධිකරණ වෘත්තියේ වසර 30කට වැඩි කලක් සේවය කරමින් ලැබූ පළපුරුද්ද සහ පශ්චාත් සුදුසුකම් ඇති පුද්ගලයෙකි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division