Home » NDB ලීසිං “NDB ඔටෝ කානිවල්” සාර්ථකව අවසන්

NDB ලීසිං “NDB ඔටෝ කානිවල්” සාර්ථකව අවසන්

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

අප්‍රේල් 04 සහ 05 දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී පවත්වන ලද මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී NDB බැංකුව පුළුල් පරාසයක ලීසිං විකල්පයන් හඳුන්වා දෙමින් සහභාගි වූවන්ට ප්‍රතිලාභ රැසක් ලබාදී තිබේ.

මෙම ප්‍රවර්ධන ලීසිං වැඩසටහන අතරතුර, සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද ආපසු ගෙවීමේ යෝජනා ක්‍රම පිළිබඳ වැඩි දුර තොරතුරු දැන ගැනීමට අවස්ථාව සලසා තිබුණි. තවද, පාරිභෝගික ජනතාවට වාහනයක් සඳහා ලීසිං පහසුකම් ලබා ගැනීමේදී දැරිය හැකි මාසික වාරිකයන් හඳුන්වා දෙමින්, ඇපකරුවන් නොමැතිව සහ අධික මුලික ගෙවීම් ඉවත් කර අවම පොලී අනුපාත යටතේ, NDB ලීසිං පහසුකම් ලබා ගැනීමට පහසුකම් සලසා තිබුණි.

මීට අමතරව NDB ලීසිං සේවාවේ ප්‍රවීණයන් මෙම අවස්ථාවට පැමිණ, සිය පාරිභෝගිකයින්ට තීරණ ගැනීම සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන දැනුම්වත් කිරීම් සහිත ලීසිං විශේෂඥ සේවාවන්ද ලබාදෙන ලදී. NDB ලීසිං හි ක්‍රමවත් ක්‍රියාවලිය සමඟ පාරිභෝගිකයින් ට අනවශ්‍ය ප්‍රමාදයන් මඟහරවා ගනිමින් ඔවුන් තෝරාගත් වාහනය එදිනම රැගෙන යාමේ පහසුව ද හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division