Home » දික්වැල්ලේ ඤාණවංස නාහිමි ගුණ සමරු පින්කම අප්‍රේල් මස 01 සහ 02

දික්වැල්ලේ ඤාණවංස නාහිමි ගුණ සමරු පින්කම අප්‍රේල් මස 01 සහ 02

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

අමරපුර මහා නිකායේ සිරි සද්ධම්ම වංස පාර්ශ්වයේ වැඩබලන මහානායක දික්වැල්ල දීඝවාළුකාරාම රාජ මහා විහාරස්ථාන ඇතුළු විහාර ගණයේ විහාරාධිපති මාර/විද්‍යාතිලක මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී රාජකීය පණ්ඩිත දික්වැල්ලේ ඤාණවංස නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 17 සපිරේ.

ඒ නිමිත්තෙන් විශේෂ ගුණ සමරු පින්කම් මාලාව අප්‍රේල් මස 01 සහ 02 දෙදින දික්වැල්ල දිඝවාළුකාරාම රජමහා විහාරස්ථානයේදී වත්මන් විහාරාධිපති සීනිපැල්ලේ රතනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

අප්‍රේල් මස 02 වෙනි දින අටපිරිකර සහිත සපිරිකර සඟ සතු දානමය පින්කම සඳහා අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ මහා නායක සිරි සුගත ශාසන වංසාලංකාර සිරි සද්ධම්ම වංසපාල ඝණාචරිය මහෝපාධ්‍යාය අතිගරු අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහානාහිමියන් ප්‍රධාන පනස් නමකට අධික මහ සඟරුවන විෂයෙහි පිදෙන දානමය පින්කම ද වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division