Home » ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ඩයලොග් වෙත

‘වසරේ සන්නිවේදන සන්නාමය’ ඩයලොග් වෙත

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

2024 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උලෙළේදී ‘වසරේ සන්නිවේදන සන්නාමය’ ලෙස අඛණ්ඩව 13 වැනි වරටත් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් සමත් විය. මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ජාතික ආයතනය, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) පවත්වන ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උලෙළ තුළින්, ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත හා බැඳුණු සන්නාම සඳහා සම්මාන පිරිනමනු ලබයි.

ලද ජයග්‍රහණ පිළිබඳ අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම,

“අප විශිෂ්ට සේවා රැසක් හා විප්ලවීය නවෝත්පාදන හරහා පාරිභෝගිකයා බලගැන්වීමට වෙර දරන සමාගමක්. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ගේ ප්‍රියතම සන්නිවේදන සන්නාමය ලෙසින් ඩයලොග් කෙරෙහි විශ්වාසය තැබූ සුවහසක් පාරිභෝගිකයින්ට අපගේ හදපිරි ස්තුතිය පුද කිරීමටත් කැමතියි…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division