Home » යුක්රේන ප්‍රහාර සමඟ තෙල් මිල ඉහළට

යුක්රේන ප්‍රහාර සමඟ තෙල් මිල ඉහළට

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

නැඟෙනහිර යුරෝපයේ යුද්ධයෙන් ගෝලීය නිෂ්පාදනයට සහ ඉන්ධන සැපයීමට ඇති අවදානම අවධාරණය කරමින් යුක්රේනය රුසියාවේ පිරිපහදුවලට පහර දීමෙන් පසු බදාදා දිනයේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගියේය.

යුක්රේන ඩ්‍රෝන යානා මොස්කව් සිට සැතපුම් 130ක් පමණ දුරින් පිහිටි රියාසාන් කලාපයේ රොස්නෙෆ්ට් පිරිපහදුවකට සහ රොස්ටොව් කලාපයේ නොවොෂක්ටින්ස්ක් පිරිපහදුවකට පහර දුන් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මොස්කව් සිට සැතපුම් 265ක් පමණ දුරින් පිහිටි නිශ්නි නොව්ගොරොද් හි ලුකොයිල් පිරිපහදුවකට යුක්රේනය පහර දීමෙන් දිනකට පසුව මෙම ප්‍රහාර එල්ල විය.

රටේ ආර්ථිකයට හානි කිරීමේ අරමුණින් යුක්රේනය ජනවාරි මාසයේ සිට නැවත නැවතත් රුසියානු තෙල් යටිතල ව්‍යුහයන්ට පහර එල්ල කරමින් සිටී. මෙම සති අන්තයේ රුසියානු ජනාධිපතිවරණයට පෙර නවතම ප්‍රහාරය වාර්තා විය. මෙම සතියේ ඉලක්කය බවට පත්වූයේ රටේ ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථානයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division