Home » ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය ගාමක බලවේගයක් වනු ඇතැයි එරට රජය කියයි

ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා චීනය ගාමක බලවේගයක් වනු ඇතැයි එරට රජය කියයි

by Mahesh Lakehouse
March 30, 2024 12:29 am 0 comment

2024 වසරේ ලෝක ආර්ථික ප්‍රකෘතිය සඳහා ශක්තිමත් ගාමක බලවේගයක් වීමට චීනය අපේක්ෂා කරන අතර, විදේශීය ආයෝජකයන්ට තම වෙ‍ෙළඳපල පුළුල් ලෙස විවර කරමින් ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කරන බව රටේ ඉහළම නීති සම්පාදක ෂාඕ ලෙජි පවසයි.

චීනය තාක්ෂණික නවෝත්පාදනය ආර්ථික වර්ධනයේ නව ලක්ෂ්‍යයක් බවට පත් කරනු ඇති අතර ඒ සඳහා සෙසු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ෂාඕ, බෝඕ සංසදයේ වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිය අමතමින් කියා සිටියේ ය.

ඉදිරි වසර පහ තුළ චීනයේ භාණ්ඩ ආනයනය සහ අපනයනය ඩොලර් ට්‍රිලියන 32 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෑතකාලීන ආර්ථික දර්ශක පෙන්වා දී ඇත්තේ, දේපළ අංශයේ දුර්වලතා සහ පළාත් පාලන ණය වැඩිවීම මධ්‍යයේ වර්ධනය ඉහළ නැංවීමට උත්සාහ කරන ප්‍රතිපත්ති සම්පාදකයන්ට යම් සහනයක් ලබා දෙමින්, ලොව දෙවන විශාලතම ආර්ථිකය වසරට දීප්තිමත් ආරම්භයක් ලබා දී ඇති බවයි. විශේෂ අනුමැතියකින් තොරව විදේශීය සමාගම්වලට ආයෝජනය කිරීම තහනම් කර ඇති හෝ සීමා කර ඇති අංශවල “ඍණ ලැයිස්තුව” තවදුරටත් අඩු කිරීමත් සමඟ, විදේශ ආයෝජකයින් සඳහා රටේ වෙ‍ෙළඳපොළවල වැඩි විවෘතභාවයක් ඇති කරන බවට ද ෂාඕ පොරොන්දු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division