Home » ධනය සහ ආදායම බෙදීයාමේ විෂමතාවය පිටුදැකිය යුතුයි 

ධනය සහ ආදායම බෙදීයාමේ විෂමතාවය පිටුදැකිය යුතුයි 

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

කේනීසියානු ආර්ථික න්‍යාය ලොවට හඳුන්වා දුන් ජෝන් මේනාඩ් කේන්ස් පෙන්වා ඇති අන්දමට සාධාරණ ආර්ථිකයක් පෝෂණය කිරීම තුළ ජීවන තත්ත්වය නව ගුණයකින් ඉහළ නැංවිය හැකි බව ඇය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසන්නේ ඉදිරි සියවසේ ගෝලීය ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි එකම ක්‍රමය ජීවන තත්ත්වයන් නව ගුණයකින් ඉහළ නැංවීම සඳහා ඉහළ යන අසමානතාවය පිටුදැකීම බවයි.

ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කරන අතරම, කෘත්‍රිම බුද්ධියට අදාළ තාක්‍ෂණය වගකීමෙන් යුතුව භාවිත කරමින්, අනාගත පරම්පරාවන්ට අසමානතාවයෙන් තොර ආර්ථිකයක් ගොඩනැඟීමට ලෝක නායකයින්ට වගකීමක් පැවරී ඇති බවයි.

“පසුගිය වසර 100 පුරාවටම සිදු වූ බරපතළම වැරදි නිවැරදි කිරීමට අපට බැඳීමක් තිබේ.

අපි සාධාරණ ගෝලීය ආර්ථිකයක් පෝෂණය නොකළහොත් අපට වර්ධනය සඳහා ‘ඉහළ අභිලාෂකාමී තත්ත්වයක් වෙත ළඟාවිය නොහැක,” ජෝර්ජීවා කියයි.

ප්‍රමුඛ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස් 1930 ගණන්වල මහා අවපාතය හමුවේ ලෝකය හැරවුම් ලක්ෂ්‍යයක් කරා රැගෙන යාමට නම් රජය වෙළෙදපොළට මැදිහත් විය යුතු බැව් අවධාරණය කළේය. තාක්‍ෂණික ජයග්‍රහණ හමුවේ වසර 100ක් තුළ ජීවන තත්ත්වයන් අට ගුණයකින් ඉහළ නැංවිය හැකි බවට කේන්ස් අනාවැකි පළ කිරීම නිවැරදි නමුත් නූතන ආර්ථික විද්‍යාවේ ආරම්භක පියා වර්ධනයේ ප්‍රතිලාභ බෙදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඕනෑවට වඩා ශුභවාදී වූ බවත් ඇය පැවසුවාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division