AIA ඉන්ෂුවරන්ස් හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ඇගැයුමට | Page 2 | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර ඇගැයුමට

සමාගමක් හොඳම සමාගමක් ලෙස නම් කරනුයේ ඇයි ? එහි ශක්තිය නිසා ද?, එහි ස්ථාවරත්වය සහ කීර්තිනාමය නිසා ද නැතිනම් එම සමාගම විශිෂ්ටත්වයට රැගෙන යන අද්විතීය කණ්ඩායමක ශක්තිය නිසාද?. එසේත් නැතිනම් එහි අසමසම නවෝත්පාදන සහ සේවාවන්හී වේගවත් බව, සිය පාර්ශ්වකරුවන්හට අපේක්ෂා කරනවාටත් වඩා ඔබ්බට ගොස් සමාගම ලබා දෙන්නා වූ දේ, එහි ලෝක තලයට නිරාවරණය වූ උසස් මට්ටමේ ප්‍රමිතීන් සහ එහි ගැඹුරු දේශීය අවබෝධය මෙන්ම ව්‍යාපාර අරමුණු ඉක්මවා යන මුළු මහත් සමාජයටම එහි ඇති කැපවීමද? සැබෑ වශයෙන්ම ඒ මෙහි සඳහන් සෑම දේම වන අතර AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 4වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් ඇගැයුමට ලක්වූයේ මේ සියලු කරුණු සාක්ෂාත් කර ගැනීමට සමත් වූ නිසාමයි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගෞරවනීය සමාගමක් වන ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් වෙතින්, AIA ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා ඇගැයුමට ලක්කරන ලදී. AIA විසින් ශ්‍රී ලාංකීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය වෙත නව්‍ය රක්ෂණ සැලසුම් සහ විවිධ යෝජනා හඳුන්වා දෙමින්, අසමසම සේවාලාභී අත්දැකීම් ලබා දෙමින්, සාමාජයීය මෙහෙවර වෙනුවෙන් ආයෝජන සිදුකරමින් සහ සිය ශ්‍රම බලකාය සවිබලගන්වමින් සිදුකරන ලද දායකත්වය එමගින් පිළිබිඹු වේ.

 

Comments