AIA 2023 වාර්ෂික අලෙවි සම්මාන උලෙළේ දී සේවා විශිෂ්ටත්වය ඇගයුමට | සිළුමිණ

AIA 2023 වාර්ෂික අලෙවි සම්මාන උලෙළේ දී සේවා විශිෂ්ටත්වය ඇගයුමට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ඊශ්‍රායලයේ ජීව වායු පද්ධති නිපදවීමේ ප්‍රමුඛයා වන HomeBiogas සමඟ හවුල්කාරීත්වයකට පිවිස ඇත. මෙම හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලාංකික ජනතාවට සහ ව්‍යාපාරවලට තම කාබනික අපද්‍රව්‍ය, ආහාර පිසීම සඳහා අවශ්‍ය ගෑස් සහ කාබනික දියර පොහොර බවට පරිවර්තනය කිරීමට උපකාරී වන HomeBiogas නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම සිදු කරයි.

මෙම හවුල්කාරීත්වය හරහා DIMO ජීව වායු පද්ධති තුනක් ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙයි. HomeBiogas system 2 කුඩා පරිමාණ ගෙවතු සඳහා සුදුසු වන අතර HomeBiogas system 4 විශාල ගෙවතු ඉඩකඩ සහිත නිවාස සඳහා ද HomeBiogas system 6 කුඩා අවන්හල් සහ ගොවිපල වැනි ව්‍යාපාර සඳහා ද යොදා ගත හැක. මෙම සෑම පද්ධතියකම digestive tank, gas tank, inlets සහ outlets යන ප්‍රධාන කොටස් හතරක් අඩංගු වේ. මීට අමතරව, ගෑස් උඳුන් සහ ගෑස් පෙරහන් වැනි උපාංග ද ලබා දෙනු ඇත. පැය දෙකකට ආසන්න කාලයක් ඇතුළතදී එක් එක් පද්ධතියේ සම්පූර්ණ ස්ථාපන ක්‍රියාවලිය සිදු කළ හැකිය.

 

Comments