රක්ෂණ සංගමයේ ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් | සිළුමිණ

රක්ෂණ සංගමයේ ලේ දන්දීමේ වැඩසටහන මෙවරත්

මෙරට රක්ෂණ ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කළ Blood Donation Drive 2023, ලේ දන්දීමේ වැඩසටහන 2023 අගෝස්තු මස 24 වැනිදා, රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතුව සාර්ථකව පැවැත්විණි. වටිනා ජීවිත රැසක් බේරා ගැනීම උදෙසා, සමාජය එකාවන්ව අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය ප්‍රදර්ශනය කරමින්, IASL හි සාමාජිකයින්, රක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු පිරිස ඇතුළුව, රුධිර පරිත්‍යාගශීලීන් අතිවිශාල පිරිසකගේ නොමඳ සහය සහ සහභාගීත්වය සමඟින් මෙම වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය, දුෂ්කර කාල සීමාවන් තුළ පවා මූල්‍ය සුරක්ෂිතතාව හා ආරක්ෂාව සහතික කරමින්, ප්‍රජාවට මෙන්ම රටට බලපාන විවිධ අර්බුදකාරී වාතාවරණයන් හමුවේ රක්ෂණහිමියන්ට සුවිශාල වශයෙන් සහය වෙයි. The Blood Donation Drive 2023 වැඩසටහනද එලෙස ප්‍රජාවට සහය සලසන IASL හි තවත් සුවිශේෂී සත්කාරයකි. එමඟින් රුධිරය අත්‍යවශ්‍ය පිරිසගේ ජීවිත බේරා ගැනීම සඳහා පරාර්ථකාමීව රුධිරය පරිත්‍යාග කිරීමට රක්ෂණ ක්ෂේත්‍රය, එහි පාර්ශවකරුවන් සහ පොදුවේ මහජනතාවද දිරි ගන්වයි.

 

Comments