ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට සහාය දෙන්න තවත් ඩොලර් බිලියන 7ක් | Page 2 | සිළුමිණ

ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට සහාය දෙන්න තවත් ඩොලර් බිලියන 7ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 330ක විස්තීර්ණ ණය පහසුකම ඉකුත්දා ලැබීමෙන් අනතුරුව ඉදිරියේදි තවත් ඩොලර් බිලියන 7ක් දක්වා සහන ණය මුදල් ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සිළුමිණට ප්‍රකාශ කළේය. මේ ණය මුදල් ලැබෙනුයේ ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු ආධාර යටතේය.

පසුගියදා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙරට අධ්‍යක්ෂිකා චියෝ කන්ඩා හා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය අතර මේ ණය මුදල් ලබා ගැනීම් සම්බන්ධව සාකච්ඡාවක් ද පැවැතිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීමෙන් අනතුරුව සිදු කළ පළමු සාකච්ඡා වටය ද මෙය වේ. මෙහිදී IMF ණය මුදල ලැබීමෙන් පසු ඉදිරි ආර්ථික කටයුතු සඳහා ලෝක බැංකුවේ සහය හිමි වන ආකාරය පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කර ඇත.

ඒ අනුව නොබෝ දිනකින් ලංකාවට සහාය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා රජයට මේ මුදල් ලබා දීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබාදීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ විශ්වාසය දිනා ගෙන ඇති අතර ඉදිරියේදී ද තවත් ණය ආධාර ලංකාවට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

Comments