ජාතික පාසල්වල අතරමැදි පංතිවලට සිසුන් ඇතුළත් කිරිමේ බලතල පළාත් හා සම්බන්ධ වූ කමිටුවක් හරහා සිදු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. පසුගිය කාලයේ ජාතික පාසල්වල අතරමැදි පංති සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වන අතර, මේ නිසාවෙන් වැඩිම ඉල්ලුමක් ඇති ජාතික පාසල්වලට චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසුන් ඇතුළත්...