ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට ඉන්දි­යා­වෙන් සුබ­වාදී ප්‍රති­චා­ර­යක් | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට ඉන්දි­යා­වෙන් සුබ­වාදී ප්‍රති­චා­ර­යක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා දෙරට අතර ඒකාබද්ධ පොදු වැඩසටනක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් ඉන්දීය රජය මඟින් යොමු කළ අතර ඒ සඳහා ඉන්දීය රජයේ සුබවාදී ප්‍රතිචාරය ද පළ කර සිටියේය. මෙම කරුණු අනාවරණය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සිකුරාදා පැවති නිල සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට සමානව ඉන්දියාවටද 1991 දී මුහුණ දීමට සිදු වූ බව එහිදී අවධාරණය කළ ඉන්දීය විදේශ ඇමැතිවරයා ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමෙන් බව ද පෙන්වා දුන්නේය.

ඉන්දීය රජයේ සහාය මත මෙරට ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යපෘතිවල සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුම්වලට ද මෙහිදී අත්සන් තැබිණි.

 

Comments