AIA ඉන්ෂුවරන්ස් WCIC සමඟින් සහයෝගීතාවයක | Page 2 | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් WCIC සමඟින් සහයෝගීතාවයක

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදි. මේ ඔස්සේ WCIC මඟින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උලෙළ සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA ඉදිරිපත්ව සිටියි.

දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කර ගැනීම් පෝෂණය කල සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමඟින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මක්. එනම් කාන්තා සවිබල ගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වනAIA ඉන්ෂුවරන්ස් හි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්ය මණ්ඩල සාමාජිකාවන් හට, අලෙවි නියෝජිතවරියන් හට, කාන්තා සේවාලාභීන් හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන් හට අදාළ වේ.

Comments