Uber සහ Robin Hood Army සුවිශේෂී සමාජ මෙහෙවරක | Page 2 | සිළුමිණ

Uber සහ Robin Hood Army සුවිශේෂී සමාජ මෙහෙවරක

 

Uber සහ Robin Hood Army එක් වී, ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Uber යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන හා ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාවක් වන අතර, Robin Hood Army යනු අරමුදල් ලබා නොගන්නා ස්වේච්ඡා සංවිධානයකි. මෙම වැඩසටහන හරහා, කොළඹ ප්‍රදේශයේ දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් වියළි ආහාර එක් රැස්කිරීම හා බෙදාදීම සිදු කෙරෙනු ඇත.

සැප්තැම්බර් මාසයේ සිට Uber Eats app හරහා මෙම වැඩසටහනට වියළි ආහාර ද්‍රව්‍ය කට්ටල පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලීන්ට අවස්ථාව හිමි වේ. කොළඹ නගරය තුළ පිහිටුවා ඇති RHA ස්වේච්ඡා මධ්‍යස්ථාන මඟින් මෙම ආහාරද්‍රව්‍ය එක්රැස් කෙරෙනු ඇත.පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයන්ට සමාන වටිනාකමකින් යුත් වියළි ආහාර මෙම වැඩසටහනට පරිත්‍යාග කිරීමට Uber Eats ද කටයුතු කරනු ඇති අතර,‘රොබින් වරුන්’ලෙසින් හඳුන්වනු ලබන RHA ස්වේච්ඡා සාමාජිකයන් සෑම දිනකම එම ආහාර ද්‍රව්‍ය ජනතාව අතර බෙදාදෙනු ඇත.

Comments