Daraz හි වඩාත්ම සක්‍රීය කාඩ්පත කොමර්ෂල් බැංකුවෙන් | Page 2 | සිළුමිණ

Daraz හි වඩාත්ම සක්‍රීය කාඩ්පත කොමර්ෂල් බැංකුවෙන්

Daraz විසින් පැවැත්වූ 2022 ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන ප්‍රදානයේදී පිට පිටම තුන්වන වසර සඳහාත් ‘වඩාත්ම සක්‍රීය කාඩ්පත් පදනම’ සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනා ගන්නා ලදී.

2021-22 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඩ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල ගැන්වීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය හිමිවිය. අඛණ්ඩව වසර තුනක් මෙම සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ එකම බැංකුව ලෙසින්ද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

 

Comments