ජවිපෙ සර්ව­පා­ක්ෂික ක්‍රමය පිළි­ගන්නේ නැහැ | Page 2 | සිළුමිණ

ජවිපෙ සර්ව­පා­ක්ෂික ක්‍රමය පිළි­ගන්නේ නැහැ

නතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළ නමුත් ඒ සම්බන්ධව අවධානය යොමු නොකිරීම නිසා එය අසාර්ථක වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

තම පක්ෂය යෝජනා කෙළේ කථානායකයා ජනාධිපති විය යුතු බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එකතු වන පක්ෂවල කැමැත්තෙන් අග්‍රාමාත්‍යවරයා තෝරා ගත යුතු බව යැයිද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය 10 දෙනකුට සීමා වීම හා ඉල්ලා අස්කරගත් නඩු නැවත විභාග කිරීමද තම පක්ෂයේ ඉල්ලීමක් බවද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවත් ජනාධිපතිවරයා විසින් රට අර්බුදයෙන් ගොඩ ගැනීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහොත් එහි රටට හිතකර සියලු කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

 

Comments