DPMC Workshop මාතර සංවත්සරයේදී පාරිභෝගික පැසසුම් | Page 2 | සිළුමිණ

DPMC Workshop මාතර සංවත්සරයේදී පාරිභෝගික පැසසුම්

නිත්‍ය පාරිභෝගිකයින් සහ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් DPMC Workshop Matara පළමු වසර සංවත්සරය සැමරීම පසුගියදා ඉතා චාම් මෙන්ම අභිමානවත් අයුරින් සිදු කෙරුණි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් (ලිමිටඩ්)හි මඩපාත පිහිටි ප්‍රධාන වර්ක්ෂොප් පහසුකමට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ආරම්භ කළ පළමු බජාජ් වාහන සේවා, නඩත්තු සහ අලුත්වැඩියා පහසුකම් ලෙස DPMC Workshop Matara හැඳින්විය හැකිය.

ආරම්භ කර වසරක් තුළ පාරිභෝගිකයින් 3,000කට අධික සංඛ්‍යාවකට 5,000කට අධික සේවා සපයා ඇති DPMC Workshop Matara පිළිබඳව පාරිභෝගිකයින් විශ්වාසය තබා ඇති බව පළමු සැමරුමට එක්වූ පාරිභෝගිකයින්ගේ අදහස්වලින් සනාථ වේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ගාල්ල බද්දේගම පදිංචි එම්. රත්නසිරි DPMC Workshop Matara ගැන මෙසේ අදහස් ප්‍රකාශ කළේය. “මම හැම විටම DPMC Workshop Matara කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ නිසාම මගේ වසර 12ක් පමණ එක තැන නවතා දමා තිබූ ත්‍රිරෝද රථය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර යළි නව ත්‍රිරෝද රථයක තත්ත්වයටම පත් කර ගැනීමට හැකියාව ලැබුණා.”

Comments