හැටට වැඩි නම් දෙවැනි බූස්ටරෙත් | Page 2 | සිළුමිණ

හැටට වැඩි නම් දෙවැනි බූස්ටරෙත්

යස අවුරුදු 60ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනා කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට දෙවැනි වර්ධක (බූස්ටර්) එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගත යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සිළුමිණට පැවසීය.මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පැවතියත් ලොව පුරා රටවල් කිහිපයක කොවිඩ් තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් සහ මෙරටින් වාර්තා වන මරණකරුවන් අවුරුදු 60 ඉක්මවූවන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් බැවින් දෙවැනි වර්ධක මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය.

පළමු වර්ධක මාත්‍රාව ගෙන මාස 3කට පසු දෙවැනි වර්ධක එන්නත ලබාගත හැකි අතර, මේ වන විට දිවයින පුරා රජයේ රෝහල්, සෞඛ්‍ය වෙද්‍ය නිලධාරි කාර්යාල සහ රජයේ රෝහල්වල සායනවලින් ද එන්නත පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා තිබෙන බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය.

මීට අමතරව වයස අවුරුදු 12-16ත් අතර සහ 19-20 කාණ්ඩයේ පාසල් ළමුන්ට ද දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර තිබෙන අතර, එම එන්නත් මාත්‍රාව ද ඉහත කී ස්ථානවලින් ලබාගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Comments