ජල විදුලි නිපැයුම අද සිට 55%ට නගී | Page 2 | සිළුමිණ

ජල විදුලි නිපැයුම අද සිට 55%ට නගී

මේ දිනවල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ලැබෙන අධික වර්ෂාව නිසා ශ්‍රී ලංකාවේ මුළු විදුලිබල ඉල්ලුමෙන් 55%ක් ජල විදුලි නිපැයුමෙන් ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (ජනන) ඇන්ඩෘ නවමුණි පවසයි.

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ප්‍රදේශවලට තවත් වර්ෂාව ලැබුණහොත් ජල විදුලි නිපැයුම 70% දක්වා වැඩිකර ගැනීමට හැකිවනු ඇති බවද ඔහු කියයි. ඒ අනුව ඉදිරි දිනවල විදුලිබල කප්පාදුව අවම කර ගත හැකි බව ද ඔහු පැවසීය. කෙසේ වුවත් සාමාන්‍ය පෙළ විභාගය පවතින ජුනි 23 හා 30 අතර දිනවල රාත්‍රියේ විදුලිබල කප්පාදුවක් නොකරන ලෙස විදුලිබල මණ්ඩයෙන් රජය හා මහජන උපයෝගීතා කොමිසම ඉල්ලා ඇත.

Comments