INSEE සංස්ථා සිමෙන්ති ජනතාවගේ ආදරය දිනාගත් සන්නාමයන් අතරට | Page 2 | සිළුමිණ

INSEE සංස්ථා සිමෙන්ති ජනතාවගේ ආදරය දිනාගත් සන්නාමයන් අතරට

එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදු කරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්‍රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන පර්යේෂණවල ප්‍රථිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්‍රහණයට අමතරව පසුගිය දා පැවති SLIM - Kantar සම්මාන උළෙලෙහි දී Òවසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමයÓ ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර, INSEE එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිත ය.

 මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සංස්ථා සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ හා නවෝත්පාදන) යාන් කුනිග් අදහස් දැක්වුවේ මේ අයුරිණි. ' මෙවරත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ නාමයන් සමඟ කරට කර තරඟ කරමින්, වඩාත් ජනාදරයට පත් වෙළෙඳනාම 100 අතරට එක් වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. ඇත්තටම මෙම ජයග්‍රහණය මගින්, අපගේ තේමාව වන ' ජීවිතය සඳහා ඉදිකරන්න' යන්න යථාර්ථයක් බවට පත්කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම ගැන උදාහරණ සපයනවා. ඒ වගේ ම සෑම විටම අප කෙරෙහි විශ්වාසය තබමින්, අප සමඟ බැඳී සිටින පාරිභෝගික ජනතාවට ස්තුතිවන්ත වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

Comments