භාණ්ඩ හිඟය ගැන සොයන්න විශේෂ කමි­ටු­වක් | Page 2 | සිළුමිණ

භාණ්ඩ හිඟය ගැන සොයන්න විශේෂ කමි­ටු­වක්

 

ත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවම කර ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහයන් විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව විසින් තමන්ට පැවරී ඇති ක්ෂේත්‍ර සමඟ අවශ්‍ය සාකච්ඡා පවත්වමින් පවතින ගැටලු සොයා බලා අග්‍රාමාත්‍යවරයාට ගැටලු විසඳීමට අවශ්‍ය යෝජනා සපයනු ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා  අදාළ අංශ සමඟ සාකච්ඡා කිරීම සඳහා වූ එම කමිටුවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පත් කර තිබේ. ඖෂධ හිඟය සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් පොහොර ගැටලු විසඳීම වෙනුවෙන් කටයුතු කරනු ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ ගැටලු සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබේ.

 

Comments