රසිකයන්ගේ ආදරය වාසනාවක් ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි ගුණතිලක | සිළුමිණ

රසිකයන්ගේ ආදරය වාසනාවක් ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි ගුණතිලක

තරුමිණි ඔච්චම් පාවිද, නීල කඳුගැටේ, මතකද හැන්දෑවේ, නොබලා, චංචල දෑසේ, කළුවරට හිත බය හින්දා යන ගී එකතුව ඔබට නිරන්තරයෙන් ඇසෙන්න දකින්නට පුළුවන්. සංගීත ක්ෂේත්‍රයේ තමන්ටම ආවේණික හඩක් ගොඩනඟා ගත් ඇය ගුණතිලක පවුලේ වැඩිමලා ය. අද සිළුමිණ රසඳුන අපගේ සාකච්ඡාවට ඒ හැඩකාර ගායන ශිල්පිනිය රයිනි ගුණතිලක සම්බන්ධ වෙයි.

 

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

මේ දවස්වල voice teen එක්ක කාර්යබහුලයි. ඒ වගේම ආයෙත් කාලෙකින් සංගීත ප්‍රසංග ආරම්භ කරලා තියෙනවා. මේ දේවල් එක්ක තමයි ඉන්නේ මේ ටිකේ.

 

Voice Teen ජාත්‍යන්තර වේදිකාවේ පුහුණුකාරියක් ලෙස ලබන අත්දැකීම් මොන වගේ ද ඔබට

ඇත්තටම හැම දවසකම ඒ අත්දැකීම වෙනස්. මොකද අපිව ඩිරෙක්ලි කන්ට්‍රෝල් කරනවා පිටරටින්. නෙදර්ලන්ලන්තෙන් තමයි මේක හදලා තියෙන්නේ. අපි කරන්න ඕන මොනවද, නැත්තෙ මොනවද කියලා අපිට කියලා දෙනවා. පිටරටක කොහොමද ඒගොල්ලො ගායන ශිල්පීන් එක්ක වැඩ කරන්නෙ වගේ. මේවා හොඳ අත්දැකීම්. මට විතරක් නෙමෙයි. එතන ඉන්න හැමෝටම හොඳ එක්ස්පීරියන්ස් එකක්.

 

අම්මයි තාත්තයි ක්ෂේත්‍රයේ ඉන්න නිසාද ඔබත් මේ ක්ෂේත්‍රය තෝර ගත්තෙ

අනිවාර්යෙන් ම ඒකත් එක හේතුවක්. මං හිතන්නේ මං කොහොමත් පොඩියට හරි මගේ ලයිෆ් එකේ ගෑවිලා ඉදියි. මොකද ඒක මගේ ඇඟේ තියෙන දෙයක්; දෙමව්පියන් නිසාම. මං හිතන්නේ මියුසික්වලට දැන් හැමෝම වගේ කැමතියි. මමත් කොහොම හරි ඔළුව දාගනී; මොනවා හරි කරලා.

 

සංගීත ක්ෂේත්‍රයට ආවේ නැතිනම් ඔබ අද කවුරු වෙන්න තිබුණද?

එක්කො පයිලට් කෙනෙක්. නැත්නම් දොස්තර කෙනෙක්. නැත්නම් විද්‍යාඥයෙක්.

 

ඔබේ පාසල් කාලය මතක් කළොත් ?

පොඩි කාලේ ග්‍රේඩ් සෙවන් වගේ වෙනකන් ලංකාවේ තමයි ඉස්කෝලෙ ගියේ.ඉතාලි ජාත්‍යන්තර පාසලට ගියේ.

යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි ඉස්කෝලෙ ඇතුළෙ විතරයි. මට ලොකු උනාමත් හැමතිස්සෙම ජොබ් එකක් හරි; වැඩක් හරි ඒකෙ ඇතුළෙ විතරයි යාළුවො හිටියෙ.

එතනින් එළියට ඇවිල්ලා නැහැ. ඉස්කෝලෙදි ගොඩක් නිශ්ශබ්ද චරිතයක්. ඇමරිකා ගිහිල්ලත් මට ඒ ස්කූල් එක ඇතුළෙ ගොඩක් ශ්‍රී ලාංකික යාළුවො හිටියා. ගොඩක් අහකර වැඩ කළා මම. ස්ටේජ් ඩ්‍රාමා, සිංගින්, ඩාන්සින්. ඊට පස්සෙ කැම්පස් ගියා. පයිලට් කෙනෙක් වෙන්න. පළවෙනි ලෙවල් එක ඉවර කරලා ලංකාවට ආවා.

 

සමාජ මාධ්‍යයෙන් බිහිවන ගායන තරු රැල්ල ගැන ඔබේ අදහස කුමක්ද?

හොඳයි. කොහෙන් හරි ඉඩක් හම්බ වෙන්න ඕන එළියට එන්න. ඒකට නරකක් කියන්න බැහැ. කවුරු හරි ජනප්‍රිය වෙන්නේ කාගෙහරි ටේස්ට් එකකට. ඉතින් අපි අතළොස්සක් සමහර වෙලාවට කවුරු හරි එක් ගායකයෙක්, ගායිකාවක් අල්ලගෙන බනිනවා. එයාට ඉදිරියට යන්න පුළුවන් ද කියලා. හැබැයි එහෙම කිව්වා කියලා වැඩක් නෑ. මොකද එයාලට කැමති කොට්ථාසයක් ඉන්න නිසා තමයි එහෙම ජනප්‍රිය වෙන්නෙ. හැමදේකම හොඳ නරක දෙකම තියෙනවා. මේකත් ඒ වගේ තමයි.

 

ඔබේ සංගීත ගමනෙදී මුහුණ දුන් අත්දැකීම් අතුරින් අමතක නොවෙන මතකයක් ගැන මතක් කළොත්

ඒ කියන්නෙ මෙහෙමයි. සංගීතය එක්ක ගෙවෙන හැම දවසක්ම හැම ප්‍රෆෝමන්ස් එකක්ම හොඳ ඉම්පැක්ට් එකක්. මොකද අපි ප්‍රෆෝම් කරන්න ගිහිල්ලා ප්‍රේක්ෂකාගාරය අපට රියැක්ෂන් එකක් දෙනව නම් ඒකත් සමහර වෙලාවට අපිට හොඳ මතකයක්. මං ළඟදි එහෙම උන එකක් කියන්නම්. ආදරවන්තයන්ගේ දිනය දවසේ එක්තරා ප්‍රසංගයකට මම යනවා. මං සින්ග් කරද්දි එක ගෑනු ළමයෙක් මැරෙන්න තරම් කෑ ගැහුවා.

එයාව අල්ලන්න. එයාව බලන්න කියලා. ඉතින් ඒක ලොකු ඉම්පැක්ට් එකක්. තව එකක් තමයි ළඟදී ගිය අවුට් ඩෝ ශෝ එකකදී මිනිස්සු මට වඳින්න ගත්තා. ඒ වගේ අර පොඩි දේවල් තියෙනවා හරියට හිතට වැදුණ. අමතක කරන්න බැහැ. අපි පිටරට විතරයි මේවා දැකලා තියෙන්නෙ. මෙහෙමත් ආදරය කරන රසිකයන් ඉන්නවද කියලා හිතෙනවා.

 

සිංහාවලෝකන චිත්‍රපටයෙන් ඔබ රංගනයට සමු දුන්නද?

නෑ. ඇත්තටම මට චිත්‍රපට ආරාධනා දෙකක් ලැබුණා. එකක් කරන කොට මං පිටරට හිටියෙ. ස්කුල් යනවා. ෂූටින් වැටිලා තිබුණෙ ඒ කාලෙමයි. ඉතින් මට ඒක අත හරින්න උනා. අනෙත් එකේ චරිතයට මං කැමති නැහැ.

 

ඉස්සරහට ඔබේ සංගීත නිර්මාණ දැක ගන්න පුළුවන්ද?

ඔව්. කළුවරට හිත බය ගීතය එළිදක්වන කොට මගේ රසිකයන්ට මං පොරොන්දු උනා තව සින්දු හතක් කරනවා කියලා. මම නිශ්ශබ්දව හිටපු අවුරුදු හතට හරියන්නත් එක්ක.

Comments