ඖෂධ නව කම්හල් තුනක් | Page 2 | සිළුමිණ

ඖෂධ නව කම්හල් තුනක්

මෙරට බටහිර ඖෂධ ඉල්ලුමෙන් 80% ක ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙරටදීම නිපැදවීමට බටහිර ඖෂධ නිපදවන නවකර්මාන්ත ශාලා දෙකක් හා වෛද්‍ය උපකරණ නිපදවන කර්මාන්ත ශාලාවක් හොරණ මිල්ලෑවේ අක්කර 64 ක භූමි භාගයක ඉදිකිරීමට ආරම්භ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඉන් එක් කර්මාන්ත ශාලාවක මෙරටට වැඩිපුර අවශ්‍ය පෙති හා කරල් නිපදවන අතර අනෙක පිළිකා සඳහා අවශ්‍ය වන ඖෂධ නිෂ්පාදනය කරයි.

මෙම ඖෂධ කර්මාන්ත ශාලා ඉදිකිරීමට අදාළ ගිවිසුම ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර් හා එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන අය විසින් පසුගියදා අත්සන් කළහ. ඒ අනුව හොරණ මිල්ලෑවේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ අක්කර 64 ක ප්‍රදේශයක 99 අවුරුදු බදු ක්‍රමය යටතේ ඉදිරි සති දෙක තුළ මෙම කර්මාන්ත ශාලා ඉඳිකිරීම ඇරැඹීමට නියමිත ය.

Comments