වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි හා නැඟෙනහිර කොළඹ රොටරි සමාජය සුව විරුවන්ට උපහාර පුදයි | Page 2 | සිළුමිණ

වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි හා නැඟෙනහිර කොළඹ රොටරි සමාජය සුව විරුවන්ට උපහාර පුදයි

 

ස්වර්ණාභරණ ලොවකිරුළ පැලැඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පූර්ණ අනුග්‍රහයෙන් හා කොළඹ නැගෙනහිර රොටරි සමාජයේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කරන ලද‘දීපාවලී උපහාර’සම්මාන හා ත්‍යාග ප්‍රදානෝත්සවය දීපාවලී දින උදෑසන වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි පරිශ්‍රයේදී සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් අභිමානවත් ලෙස පවැත්විණි.

දේශයේ සුව ජීවනයට දිරිය දුන් අයට උපහාර පිදීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු මෙම උපහාර උළෙලේදී වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ශ්‍රී ප්‍රතාපන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලය, වැල්ලවත්ත හිටපු පොලිස් ස්ථානාධිපති කපිල ප්‍රියංක විජේමාන්න සහ නගරයේ පිරිසිදුකම රැක ගැනීම සඳහා සහාය දක්වන සනීපාරක්‍ෂක සේවක සේවිකාවන් රැසක් වෙත උපහාර පුදන ලදී.

 

Comments