Mahindra KUV100 පාරි­භෝ­ගි­ක­යන් 1000 සීමාව පසු කරයි | Page 2 | සිළුමිණ

Mahindra KUV100 පාරි­භෝ­ගි­ක­යන් 1000 සීමාව පසු කරයි

Mahindra & Mahindra Ltd (M&M) සහ අයිඩියල් මෝටර්ස් සහයෝගීතාවයෙන් බිහි වූ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1,000 වැනි KUV100 NXT මෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය. KUV100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට 30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල් සහ M&M සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගණයේදී සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත. KUV100 මුල් වරට මෙරට වෙ‍ෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ 2020 වසරේ මුල් භාගයේ වන අතර වසංගත සමය නිසා පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඉතා අවම මට්ටමක පැවති සමයක් විය. එනමුත් සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් සමාගමක් ලෙස දීප ව්‍යාප්ත සේවා හා අමතර කොටස් ජාලය මෙන්ම පැය 24 පුරා ක්‍රියාත්මක අලෙවියෙන් පසු කඩිනම් සේවාව යන අංශ කෙරෙහිද විශේෂ අවදානයක් යොමු කිරීමට මහින්ද්‍රා සමාගමට හැකි විය.

 

Comments