පොත් පුවත් | සිළුමිණ

පොත් පුවත්

කෘතිය- ලොජිස්ටික්ස් සිංහලෙන්

කර්තෘ - මහාචාර්ය

ලලිත් එදිරිසිංහ

ප්‍රකාශක- CINEC ආයතනය

විමසීම්- 0777 562 505

 

CINEC උසස් අධ්‍යාපන ආයතනයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ විසින් රචිත ලොජිස්ටික්ස් නොහොත් කාර්යෝපාය කෘතිය සිංහල භාෂාවේ ප්‍රථම කාර්යෝපාය කෘතිය ලෙස හැඳින්විය හැකිය. මහාචාර්ය ලලිත් එදිරිසිංහ තම ප්‍රකාශන හිමිකම CINEC ආයතනය වෙත පවරා ඇති අතර සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස පාසල් පුස්තකාල සඳහා නොමිලේ මෙම පොත ලබා දීම කතුවරයාගේ අරමුණයි.

CINEC ආයතනය ඉතා මිල අධික මුද්‍රණ ක්‍රියාවලියක් මඟින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම ආකර්ෂණය කරගත හැකි ලෙස විශාල මුදලක් වැයකර මෙම කෘතිය මුද්‍රණය කර ඇත.

ලොජිස්ටික්ස් නොහොත් කාර්යෝපාය විවිධ කර්මාන්තය ක්‍ෂේත්‍රවලට අදාළ වන සෑම අයතුම දැන සිටිය යුතු විෂයයක් වන අතර කෘතියට අධ්‍යාපන අමාත්‍යාංශයේ බලපත්‍රය සහ ජාතික පුස්තකාලය බලපත්‍රය ද හිමිවී ඇත. ඒ අනුව එය ලංකාවේ ඕනෑම පුස්තකාලයකදී භාවිත කළ හැකිය.

එබැවින් ඔබ කැමති පාසල් කිහිපයක් (ඔබේ හෝ ඔබේ දරුවාගේ පාසල හෝ අඩු වරප්‍රසාදිත ප්‍රදේශවල පාසල්) තෝරාගෙන නොමිලයේ පොත් ලබාදීමෙන් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ විය හැකිය. මිලදී ගන්නා සෑම පොත් 5ක් වෙනුවෙන් තවත් අමතර පොතක් වෙනත් පාසල් පුස්තකාලයකට නොමිලයේ ලබාදීමද සිදුවේ.

 

කෘතිය- චීන නාට්‍ය කලාව

පරිවර්තනය- වරුණ අලහකෝන්

ප්‍රකාශක- සඳකඩ ප්‍රකාශන

මිල- 1200/ පිටු ගණන- 297

විමසීම්- 077 3129749

 

මෙය එල්. සී. ආලිංටන් විසින් රචිත චීන නාට්‍ය කලාව කෘතියේ සිංහල පරිවර්තනයකි. චීන නාට්‍ය කලාව පිළිබඳව සිංහල බසින් ලියැවී ඇති ග්‍රන්ථ ප්‍රමාණය ඉතා විරල පසුබිමක කතුවරයා විසින් මෙවැනි කෘතියක් පරිවර්තනය කිරීම කාලෝචිතය. පරිච්ඡේද 15ක්, යුද දෙවි කුආන් කුං පිළිබඳ පුරාවෘත්තය සහිත උපග්‍රන්ථයකින් සමන්විත මෙම කෘතියට මුල් කෘතියේ වර්ණ රූ සටහන් සහ වර්ණ ඡායාරූපද ඇතුළත් කර ඇත. කෘතිය- Sangharaja Sadhucariyava

කර්තෘ- ආචාර්ය විජිත යාපා බණ්ඩාර

ප්‍රකාශක- සමයවර්ධන පොත්හල

මිල- 600/ පිටු ගණන- 168

විමසීම්- 011 2683986

මෙම කෘතිය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ චරිත කතාවයි. ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ලිපි ඇතුළත් මෙම කෘතියෙන්. 18 වන සියවසේදී මෙරට වැඩ විසූ ජනතාව අතර මහත් බුහුමනට පත් ශ්‍රී ලාංකික භික්ෂුවක් වූ වැලිවිට සරණනාකර සංඝරාජ මාහිමිගේ චරිත කතාව ප්‍රචලිත කිරීම මෙම කෘතියේ අරමුණයි.

 

 

කෘතිය- SOME ASPECTS OF

DEADLY VIRAL OUTBREAKS

කර්තෘ- ආචාර්ය එස්.ටෙරන්ස් ජී. ආර්. ද සිල්වා

ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිල- 750/ පිටු ගණන- 264

විමසීම්- 071 1546763

මේ වන විට මුළු ලෝකයම ග්‍රහණයට ගෙන ඇති නව කෝවිඩ් 19 වයිරසය ලෝකයට සිදුකර ඇති හානිය සුළුපටු නැත. මරණ බිය ඇතිකරන මාරාන්තික වයිරසයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 ඇතුළු වයිරස් විශේෂ පිළිබඳ උනන්දු වන පාඨකයන් වෙනුවෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

1520 වසරේ සිට මේ දක්වා වරින් වර ලෝකය ගොදුරු කරගත් වයිරස් පිළිබඳ සවිස්තරාත්මක විස්තර මෙහි ඇතුළත්ය. වෛද්‍ය නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය ටෙරන්ස් සිල්වාගේ මෙම කෘතිය අනාගත පරපුරට ලෝකය මුහුණ දුන් අතීත හා නවීන වයිරස් වසංගත පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීමට සමත් කාලෝචිත කෘතියකි.

 

 

කෘතිය- මාතාභාරි

කර්තෘ- චන්ද්‍රසිරි කළුබෝවිල

ප්‍රකාශක- ඇම්.ඩී. ගුණසේන සමාගම

මිල- 475/ පිටු ගණන- 384

විමසීම්- 011 2 323981

මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන ශ්‍රී ලාංකේය කාන්තාවන් සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් ඇසුරින් සිතේ උපන් වස්තු බීජයක් පෝෂණය කර නිර්මාණ­ාත්මක කෘතියක් ලෙස පාඨකයා හමුවේ තබන්නට කතුවරයා සමත් වී ඇත. දරිද්‍රතාව හේතුවෙන් ඉසුරු සොයා විදෙස් ගතවන කාන්තාවන් පිළිබඳ සානුකම්පිත හැඟීමක් ජීවමාන කිරීමට සමත් කෘතියකි.

Comments