නව­තම කාබ­නික ඖෂ­ධීය පානය Rolanta | Page 2 | සිළුමිණ

නව­තම කාබ­නික ඖෂ­ධීය පානය Rolanta

කාර්යබහුල වුවත් නිරෝගීමෙන්ම වසවිස නැති ආහාරපාන වලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන් කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා දෙයි.

මෙය දේශීය වෙළෙඳපළ සඳහා ම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළක් වන අතර කොරෝනා වසංගතය ඇති වීමත් සමඟම බොහෝ අය නිරෝගී ජීවන රටාවක් ගතකිරීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් පවත්වා ගැනීම ගැන විශේෂ සැලකිල්ලක්‌ දක්වන කාල වකවානුව සැලකිල්ලට ගෙන ශාරීරික හා මානසික සුවයට දායක වන බවට විද්‍යාත්මකව තහවුරු කරන ලද හා ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන වෙනත් ප්‍රබල ස්වාභාවික රස ද්‍රව්‍යයන්වල සාරය මුසුකොට සෑදු කාබනික ඖෂධීය පාන පෙළකි.

මේ නව නිෂ්පාදන වර්ග 4 කින් ලබා ගත හැකි අතර ඒ එක් එක් වර්ගයට ආවේණික මිශ්‍රණයක් ‌හා ඖෂධීය ගුණයක් ඇතුළත්වීම විශේෂ කරුණක්.

ඒ වර්ග 4 වන්නේ Cinnamon herbal drink (කුරුඳු ඖෂධීය පානය), Organic Ginger black tea (කාබනික ඉඟුරු තේ), Organic Moringa (කාබනික මුරුංගා පානය) හා Herb well herbal drink (කාබනික ඖෂධ මිශ්‍රණයක්‌) යන ඒවායි.

Comments