ඩය­ලොග් විසින් කට­හ­ඬින් Dialog Television හැසි­ර­විය හැකි TeDi Alexa ක්‍රම­වේ­දය හඳු­න්වා­දෙයි | Page 2 | සිළුමිණ

ඩය­ලොග් විසින් කට­හ­ඬින් Dialog Television හැසි­ර­විය හැකි TeDi Alexa ක්‍රම­වේ­දය හඳු­න්වා­දෙයි

කට­හ­ඬින් ලබා­දෙන විධාන (voice commands) හරහා ඩය­ලොග් ටෙලි­වි­ෂන් ඩිකෝ­ඩ­රය භාවිතා කිරී­මට පහ­සු­කම් සල­ස­මින් කෘත්‍රිම බුද්ධි­යෙන් බල­ග­න්වන ලද TeDi Alexa ක්‍රම­වේ­දය හඳු­න්වා­දී­මට ඩය­ලොග් ආසි­ආටා පීඑල් සී ආය­ත­නය කට­යුතු කරන ලදී.
එසේම ඩය­ලොග් වෙතින් අධෝ­රක්ත කිරණ (IR) රිමෝට් භාවිතා වන උපාංග කට­හ­ඬින් පාල­නය කළ හැකි, කෘත්‍රිම බුද්ධි­යෙන් බල ගන්වන ලද TeDi Alexa ස්මාර්ට් ස්පීකර් පහ­සු­ම­කද මේ සමඟ ම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂ­ක­යාට හඳු­න්වා­දී­මට කට­යුතු කර ඇත.
ලංකාවේ ප්‍රමු­ඛ­තම සන්නි­වේ­දන සම්පා­ද­කයා ගෙන එන මෙම ස්මාර්ට් හෝම් විස­ඳුම් හරහා පාරි­භෝ­ගික ජන­තා­වගේ නිවාස නවීන තාක්ෂ­ණ­යෙන් බල­ග­න්ව­මින් රූප­වා­හි­නියේ ශබ්දය අඩු-වැඩි කිරීම පවා කට­හ­ඬින් කළ හැකි තරම් පහසු අත්දැ­කී­ම­ක්ල­බා­දෙයි. 
ඊට අම­ත­රව, Alexa මඟින් සැප­යෙන සේවා­වන් සුපු­රුදු පරිදි භාවිතා කළ හැකි අතර, ස්මාර්ට් ස්පීක­රය මඟින් IR තාක්ෂ­ණය සහිත වායු සමී­ක­රණ යන්ත්‍ර, හෝම් තිය­ටර් සිස්ටම්, CCTV පද්ධති ඇතුළු ඕනෑම උපාං­ග­යක් කට­හඬ හරහා පාල­නය කළ හැකි­වීම මෙහි ඇති විශේ­ෂ­ත්ව­යක් වශ­යෙන් සඳ­හන් කළ හැක.නොබි­ඳෙන ඩය­ලොග් සබ­ඳ­තා­වය සමඟ මුසු­වන කෘත්‍රීම බුද්ධියේ බලය මෙරට පාරි­භෝ­ගි­ක­යෙන්ගේ එදි­නෙදා ජීවි­තය වඩාත් පහසු එකක් වනු­ඇ­ති­බ­වට ඩය­ලොග් ටීවී ආය­ත­නයේ විශ්වා­ස­යයි.

Comments