සෙලාන් බැංකුව SeylanPay QR ගෙවීම් විසඳුම් හඳුන්වා දෙයි | Page 2 | සිළුමිණ

සෙලාන් බැංකුව SeylanPay QR ගෙවීම් විසඳුම් හඳුන්වා දෙයි

 

 සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, QR code ක්‍රමවේදය පදනම් කරගනිමින් ගෙවීම් සිදුකරන SeylanPay පසුගියදා හඳුන්වා දෙන ලදී.

ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සෙලාන් බැංකුවේ ඩිජිටල් නිපැයුම් පෙළට අලුතින්ම එක්වූ නවතම පාරිභෝගික සේවා විසඳුම වන්නේද SeylanPay ය. බැංකුව මෙතෙක් පැමිණි ගමන් මඟෙහි ඉතා වැදගත් සංධිස්ථානයක් වශයෙන් 1SeylanPay හඳුන්වාදීම දැක්විය හැකිය.

පාරිභෝගික සේවාව ඩිජිටල්කරණය කරමින් ගනුදෙනුකරුවාගේ වටිනා කාලය ඉතිරි කරදෙන නව්‍යකරණ විසඳුම් හඳුන්වා දීමට බැංකුවක් වශයෙන් නිරන්තරවම කැපවී සිටින සෙලාන් බැංකුව, මුදල් රහිත, කඩදාසි භාවිතයකින් තොර පරිසර හිතකාමී ගෙවීම් විසඳුමක් හඳුන්වා දීම සැබැවින්ම අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ මුදල් ගෙවීමේ ක්‍රියාවලීන් විශිෂ්ට මට්ටමකට රැගෙන ඒම සඳහා මෙවැනි හඳුන්වාදීම් අත්‍යවශ්‍ය වන අතර, බැංකු ශාඛාවකට අනිවාර්යයෙන් පිවිසිය යුතු වීමේ අවශ්‍යතාවයද මග හැරී යයි.

Comments