සෙලින්කෝ ලයිෆ් අභි­යෝ­ගා­ත්මක වස­රක සාර්ථ­ක­ත්වය සම­රයි | Page 2 | සිළුමිණ

සෙලින්කෝ ලයිෆ් අභි­යෝ­ගා­ත්මක වස­රක සාර්ථ­ක­ත්වය සම­රයි

 

සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු අතර එය Zoom ඔස්සේ දිවයිනේ සියලුම ප්‍රධාන නගරවල පිහිටි ශාඛාවල සාමාජිකයන් සජීවීව නරඹන ලදී.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මාන ප්‍රදානෝත්සවයේදී සමාගමේ ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ අලෙවි වෘත්තිකයන්ට සහ කාර්ය මණ්ඩලයට සම්මාන ප්‍රදානය කළ අතර කැපවීම, නවෝත්පාදනය සහ අධිෂ්ඨානය තුළින් අභියෝග ජයගැනීමේ පරීනතිය මෙහිදී ඉහළම සෞඛ්‍ය මාර්ගෝපදේශනයන් යටතේ සැමරීය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉහළම කාර්ය සාධනයක් පෙන්වමින් සම්මානයට පාතරේ සවූ සාමාජිකයන් 82 ක් සමාගමේ High Flyers Club වෙතට ඇතුළත් කළ අතර නව රක්ෂණ ඔප්පු විකිණීම, වාරික එකතු කිරීම, රක්ෂණ ඔප්පු සක්‍රීය ලෙස පවත්වා ගැනීම වැනි ප්‍රධාන කාර්ය සාධන දර්ශක මෙම තෝරාගැනීම සඳහා භාවිතා කර ඇත. මේ අතර, ඉතාමත් අභියෝගාත්මක වසරක් වූ 2020 වසරේ මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් (MDRT) සඳහා සුදුසුකම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගමේ විකුණුම් කණ්ඩායම් සාමාජිකයන් 135 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර විය.

Comments