නිහාල් නෙල්සන් නමින් මාවතක් | සිළුමිණ

නිහාල් නෙල්සන් නමින් මාවතක්

දශක හයක් පුරාවට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියතාව අඛණ්ඩව රැකගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් නමින් ඔහු උපන් ගම් පියස වන මොරටුව, රාවතා වත්තේ, තුන් වැනි පටුමඟ “නිහාල් නෙල්සන් මාවත” නමින් නම් කිරීම පසුගියදා(9දා) සිදුකෙරිණ. මොරටුව ලලිත කලා සංගමයේ සභාපති තිලක් ද මෙල් ගායන ශිල්පියාගේ මැදිහත්වීම හා යෝජනාවක් අනුව නාගරික මන්ත්‍රී කේසර රවින්ද්‍ර ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙය සිදුකෙරිණ. “නිහාල් නෙල්සන් මාවත” ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට මොරටුව නගර සභාවේ නගරාධිපති ඩබ්ලිව්. සමන් ලාල් ප්‍රනාන්දු ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් සහ කලාකරුවන් රැසක් සහභාගි වූහ.


‘මැටි කඩුලු’ හෙට සිට පුංචි තිරයේ...

නිමල් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන නවතම ටෙලිනාට්‍යය ‘මැටි කඩුලු’ හෙට සිට සෑම සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රි 9.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශනය වේ. අන්ජන ප්‍රේමරත්න, ජෙහාන් අප්පුහාමි, අනුරාධා එදිරිසිංහ, උදයන්ති කුලතුංග, වසන්ති රංවල, මිචෙල් දිල්හාරා, රනිල් ප්‍රසාද්, සිසිර කොඩිකාර, සුනිල් දිසානායක, පවිත්‍රා වික්‍රමසිංහ, රංගි රාජපක්‍ෂ, ගයා ඒකනායක, චාමිකර බොකරගොඩ, අජිත් ලොකුගේ, අශා, සම්පත්, සරත් කොතලාවල, මෙලනි අශෝකා, ජයසේකර අපොන්සු, සෙනෙවි රත්නවිතාන ආදී නළු නිළියන් රංගනයෙන් දායක වන‘මැටි කඩුලු’ ගයා ඒකනායකගේ නිෂ්පාදනයකි. සහාය අධ්‍යක්‍ෂණය නිලන්ත රණසිංහගේ වන අතර නිෂ්පාදන කළමණාකරු ප්‍රියන්ත සෙනෙවිරත්නය. වේෂ නිරූපනයෙන් ප්‍රියන්ත එස්. වන්නිනායක,කලා අධ්‍යක්‍ෂණයෙන් චාමිකර බොකරගොඩ, කැමර අධ්‍යක්‍ෂණයෙන් නිශාන්ත ප්‍රදීප් සහ සංස්කරණයෙන් ජගත් වීරතුංග මේ සඳහා දායක වෙති.

Comments