එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් Voice Teens Sri Lanka සමඟ අත්වැල් බැඳගනී | Page 2 | සිළුමිණ

එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් Voice Teens Sri Lanka සමඟ අත්වැල් බැඳගනී

බොහෝදෙනාගේ ආදරය දිනාගත් එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම්, ශ්‍රී ලංකාවේ නවතම රියැලිටි රූපවාහිනී වැඩසටහන වන Voice Teens Sri Lanka තරගාවලිය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. ගෝලීය වශයෙන් මහත් ජනප්‍රියත්වයක් අත්කරගත් ‘The Voice Teens’ රියැලිටි තරග අත්දැකීමේ දේශීය තරගාවලිය වන මෙම වැඩසටහන විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තිබේ.

මේ සහයෝගීතාව යටතේ තරුණ පරපුරට සුවිශේෂී අවස්ථාවක් හිමි කරදීමට මෙන්ම ඔවුන් හා සක්‍රීයව සම්බන්ධ වීමටත් එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් පියවර ගෙන ඇත.

‘ෆන් එකේ නෙක්ස්ට් ලෙවල් එක’ යන තේමාව යටතේ ඉදිරිපත් කෙරෙන වොන්ඩර් අයිස්ක්‍රීම් රසිකයන්ට මේ අනුව Voice Teens Sri Lanka තරගාවලියට එක්වූ සුපිරි තරගකරුවන් මුණගැසීමටත් ඔවුන්ට සතුට පළකිරීමටත් අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කෙරුණු Voice Teens Sri Lanka තරගාවලිය ආරම්භයේ සිටම අවසාන මහා තරගය දක්වා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගැනීමටත් සමත් විය. සුපිරි සංගීතමය අත්දැකීමක් මෙරට රසිකයන්ට දායාද කළ මෙම රියැලිටි වැඩසටහන විවිධ ජන කොටස් නියෝජනය කරන පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනා ගත්තේය.

එලිෆන්ට් හවුස් වොන්ඩර් අයිස්ක්‍රීම් සන්නාමය මේ වනවිට සමාජ මාධ්‍ය හරහා තරුණ්‍යයේ ජනප්‍රියම අයිස්ක්‍රීම් සන්නාමය ලෙස පිළිගැනීමට ලක්වී තිබේ. ශක්තිමත් සන්නාම පිළිබිඹුවක් රැගත් වොන්ඩර් අයිස්ක්‍රීම් විශේෂයෙන්ම ‘The Voice Teens’ තරගාවලිය තුළ ස්ථාවර සන්නාම පිළිගැනීමක් හිමිකර ගැනීමට සමත් විය.

Comments