පාසල් ආරම්භ කිරීම යලි කල් යයි | සිළුමිණ

පාසල් ආරම්භ කිරීම යලි කල් යයි

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

සිසුන්ගේ ආරක්ෂාව අරමුණු කර ගනිමින් පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ ඊයේ (17) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදී තිබේ.

මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය වන අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති බව ද සඳහන් වේ.

එමෙන්ම උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සඳුදා (20) සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය

Comments