A/L සහ ශිෂ්‍යත්ව විභාග නව දිනයන් | සිළුමිණ

A/L සහ ශිෂ්‍යත්ව විභාග නව දිනයන්

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දිනයන් සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බවයි.

ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වෙන බවයි අධ්‍යාපන ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

Comments