ෆොන්ටෙරා සමාගමෙන් සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් | Page 2 | සිළුමිණ

ෆොන්ටෙරා සමාගමෙන් සර්වාගමික ආශීර්වාද වැඩසටහනක්

 කොරෝනාවෙන් පසු ඇන්කර් නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගිය දා සිය ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශීර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේ ය. Covid-19 වසංගතයේ තර්ජනය පැවති කාලසීමාවේදී රට වෙනුවෙන් ඇපකැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන් මෙන්ම, ෆොන්ටෙරා සමාගමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දායක වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්, කිරි ගොවියන්, සැපයුම්කරුවන්, දීපව්‍යාප්ත නියෝජිතයන්, අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලුම දෙනා සිහිපත් කරමින් කෘතඥතා පූර්වකව සෙත් පැතීම සිදු විය.

මෙම සර්වාගමික ආශීර්වාද වැඩසටහන, ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම එහි නව කළමණාකාර අධ්‍යක්ෂවරිය වන විද්‍යා සිවරාජාගේ මූලිකත්වයෙන් නව ඉදිරි ගමනකට සම්ප්‍රාප්ත වීමද සංකේතවත් කළේය. මීට ඉහත මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ෆොන්ටෙරා මෙහෙයුම් කටයුතු වල ප්‍රධානියා බවට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූ සිවරාජා දැන් තම උපන් රට වූ ශ්‍රී ලංකාව තුළද එම ගෞරවයට හිමිකම් කීමට සමත් වී ඇති අතර, මෙරට සිට ඇය රටවල් 9 ක් පුරා විහිදුණු ව්‍යාපාර ජාලයක් මෙහෙයවනු ඇත.

Comments