හඳුනාගත් ආසාදිතයින් අතරින් 02 ක් නාවිකයින් | සිළුමිණ

හඳුනාගත් ආසාදිතයින් අතරින් 02 ක් නාවිකයින්

මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනාත් සමඟයි.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් සිව් දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ බංගලාදේශයේ සිට මෙරටට පැමිණ රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටින පුද්ගලයින් දෙදෙනකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 858 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ආසාදිතයින් 931 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මෙරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 846 දෙනෙකු සිටින අතර ඉන් 443 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

මේ අතර ජර්මනියේ රැදී සිටි තවත් ශ්‍රිලාංකිකයින් පිරිසක් අද මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු අද මෙරටට පැමිණෙන බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ.

Comments