හෙට රජයේ කාර්යාල නිවාඩු | සිළුමිණ

හෙට රජයේ කාර්යාල නිවාඩු

හෙට(04) දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි නිවේදනය කළේය.

හෙට රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.

ජුනි 06 වන සෙනසුරාදා සිට යළි දැනුම් දෙන තෙක් සෑම දිනකම රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Comments