මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි | සිළුමිණ

මගේ වෙඩින් එක ලංකාවේ ලොකුම හිට් එක වෙයි

මම තැන්පත් විදියට ඉන්නේ කාට පෙන්නන්නද?

පියුමි හංසමාලි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට පටන් ගෙන ඇත්තේ මේ දිනවල ප්‍රදර්ශනය වන උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානයේ සඳ‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඇය නිසාවෙනි. පියුමි හංසමාලි නම් මේ කටකාර, හැඩකාර, පෙරළිකාර රුවැත්තියගේ අලුත්ම තොරතුරු වෙනුවෙන් අද රසඳුන තුන්වැනි පිටුව වෙන්වෙයි.

 පියුමි මේ දවස්වල ගොඩක් සතුටින් වගේ ?

ඔව්. මේ දවස්වල හරි සතුටින් ඉන්නේ. මගේ පළමුවැනි චිත්‍රපටය ‘වස්සානයේ සඳ‘ රිලීස් වුණා. ඉතින් පාරේ යනකොට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට හරිම සතුටුයි.

පියුමි 'වස්සානේ සඳ' චිත්‍රපටයට තෝරාගත්තේ ඇයි?

මෙහෙමයි උදයකාන්ත අයියාට ඕන වෙලා තිබුණේ ඒ චරිතයට අහිංසක , චාම් කෙනෙක්ව. ඔහු හිතන්න ඇති ඒ දේ මගෙන් ගන්න පුළුවන් කියලා. ඒවගේම ඒකට වාසනාව කියන දේත් තියෙන්න ඕන. මම හිතන්නේ මට ඒ වාසනාව තිබුණා.

ලැබෙන ප්‍රතිචාර හොඳ ද නරක ද?

පියුමි හංසමාලිට නරක කියන්නේ ඉතින් මම fashion කරන විදියට නේ. ඒක පැත්තකට දාලා කතා කළොත් මඟ තොටේදී මුණ ගැහෙන සියලු දෙනාගෙන්ම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සිනමා ක්ෂේත්‍රයට එන්න පරක්කු වුණේ ඇයි?

උදයකාන්ත අයියගේ මේ ෆිල්ම් එකට කතා කළේ මිට අවුරුදු 5 කට කලින්. මම හිතනවා මම අවශ්‍ය කාලේදී සිනමාවට ආවා කියලා. දැනටත් ෆිල්ම් ගොඩකට ආරාධනා ලැබෙනවා. නමුත් දැනට මට ඉන්දියාවේ චිත්‍රපටයක් තියෙන නිසා මම එකක්වත් භාර ගත්තේ නැහැ. බොහෝ දුරට අවුරුද්දට එක ෆිල්ම් එකක් වගේ කරයි.

ඊළඟ සිනමා නිර්මාණයේදී පියුමිගේ ලොකු වැඩක් බලාගන්න පුළුවන් වෙයි නේද?

ඔව්.තව මාස දෙක තුනකින් අලුත් ෆිල්ම් එක රිලීස් වෙනවා. කවුරුත්ම හිතන් නැති ලොකුම ලොකු වැඩක් ඉදිරියේදී බලාගන්න පුළුවන්.

'වස්සානේ සඳ' චිත්‍රපටයේ දී හාත්පසින්ම වෙනස්ම චරිතයක් එක්කයි ඔබ ඉන්නේ.

ඇඳුමෙන් විතරයි මම වෙනස් ගති ගුණ අතින් ඒ ඉන්නේ මම ම තමයි. රඟපෑමක් කියාලා මම රඟපෑවෙත් නෑ. ඔය මගේ ඇත්ත ජිවිතේ යන විදියටම තමා . පොඩ්ඩක් විතර ඔතැනදී තැන්පත්. ඇඳුම් වලින් නැතුව පියුමි හංසමාලි චරිතෙනුත් ඒ විදිය තමා.

පියුමිට කවදාවත් තැන්පත් චරිතයක් වෙන්න බැරිද?

ඇයි...? මොකටද මම තැන්පත් විදියට ඉන්නේ ? කාට පෙන්නන්න ද ? ලෝකයටද? මම ජිවත් වෙන්නේ මට ඕන විදියට. මගේ විදියට මම ඉන්නේ. බොරුවට මම තැන්පත් කියලා පෙන්වන්නේ ඇයි? මට තෑගි ගන්නද? මට කිසිම අවශ්‍යතාවයක් නැහැ එහෙම වෙන්න.

පියුමි ගේ ලෝකය ?

මගේ ලෝකය මගේ දරුවා.

ඇයි පියුමි ගේ පුතාව මාධ්‍ය ඉදිරියට ගේන්නේ නැත්තේ?

මම කවදාවත් පුතාව මිඩියා එකකට ගේන්නේ නෑ. ඇයි මම ගේන්නේ? සාමාන්‍ය අම්මලා කරන වැඩමයි මමත් කරන්නේ. ජීවිතේට මම කිසිම tv progrmme එකකකට මගේ ළමයව ගෙනැල්ල නැහැ. එතකොට කොහොමද කියන්නේ මම ළමයව මාධ්‍යයට ගේනවා කියලා. ළමයි ඉන්න කට්ටිය ළමයි හංගගෙන හොර වැඩ කරන කොට මට කිසිම අවශ්‍යතාවක් නැහැ මගේ දරුවාව හංගගන්න. මුළු ලෝකයම දන්නවා මට ළමයෙක් ඉන්නවා කියලා. නැතුව මට මිඩියා එකකට ළමයව ගේන්න කියලා මගේ තුන්හිතකවත් නෑ. ළමයව tv programs වලට ඉල්ලනවා, tv shows වලට ඉල්ලනවා, commercials වලට ඉල්ලනවා. ජිවිතේටවත් මම ළමයව දෙන්නේ නෑ.

එහෙම කරන්න හේතුව?

මම කැමැති නැහැ මගේ ළමයා දුක් විඳිනවට. ළමයා මීඩියා එකට එන්න අවශ්‍ය නැහැ කීයකටවත්. මගේ ළමයා පියුමි හංසමාලි ගේ පුතා විදියට හිටියාම හොඳටම ඇති.

ඔබත් දුක් විඳලා මෙතැනට ආපු කෙනෙක්?

ඔව්. මම ගොඩක් දුක් වින්දා. සැපක් කියලා ලොකුවට සැපක් විඳින කෙනෙක් නෙමෙයි මම.

පියුමි ගේ ඉදිරි වැඩ කටයුතු ?

ඉදිරියේදී ලොකු හීනයක් තියෙනවා ලොකු වෙඩින් එකක් ගන්න.

ඒ කියන්නේ පියුමි නැවැතත් විවාහ වෙනවා?

මම හිතනවා ඔව්. මගේ ලොකු ආසාවක් තියෙනවා ඒ ගැන. බලමු ඉතින් එක වේවිද නැද්ද කියලා දන්නෑ.

පියුමි කාටද හොර රහසේ ආදරේ කරන්නේ?

මම ආදරේ කරනවා කෙනකුට. වෙලාව ආව පස්සේ මම ඒක කියන්නම්. පොඩ්ඩක් ඉවසන්න.

අනාගතේදී පියුමි ගේ විවාහය ලංකාවේ ලොකු කතා බහක් ඇති කරයි ?

මම හිතනවා ලංකාවේ ලොකුම හිට් එක මගේ වෙඩින් එක වෙයි කියලා.

නිලුපුලි සඳකැලුම්

ඡායාරූප -ශාන් රූපස්සර

Comments