LPL ක්‍රීඩක ලංසු තැබීම ඇරැඹේ | සිළුමිණ

LPL ක්‍රීඩක ලංසු තැබීම ඇරැඹේ

 

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර එළඹෙන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා කොළඹ ඛෙත්තාරාම අන්තර් ජාතික ක්‍රීකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට සුරියවැව අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 5කින් ඇතුළත්ව අැති අතර සමස්ත තරගාවලියට තරග 24 ක් ඇතුළත්ව ඇත.

 

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරේ තරගාවලියට ක්‍රීඩකයන් ඒ ඒ කණ්ඩායම් වෙත තෝරා පත්කර ගැනීමේ අවස්ථාව හිමිව ඇති අතර එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් 5 දෙනකු රඳවා ගැනීමේ අවස්ථාව සෑම කණ්ඩායමකට ම හිමිව තිබේ.

මෙවර තරගාවලියට ක්‍රීඩකයන් කෙටුම්පත් කිරිමේදී සුළු වෙනස්කම් සිදුකර තිබෙන අතර එහිදි රූබී, සපයර්, ඩයමන්ඩ් ‘ඒ“, ඩයමන්ඩ් ‘බී‘ සහ ප්ලැටිනම් යනුවෙන් එම කණ්ඩයන් නම් කර තිබේ.

රූබී සහ සපයර් කාණ්ඩය යටතට ඇතුළත් වන ක්‍රීඩකයන් සිය රටවල ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලවල ලියාපදිංචි ජාත්‍යන්තර තරගාවලට එක්වන ක්‍රීඩකයන් විය යුතු වන අතර අනෙක් කාණ්ඩවලට එක්වන ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමත පූර්ණ සාමාජික හෝ අර්ධ සමාජික රටවල ප්‍රධාන විස්සයි20 තරගාවලි සඳහා ක්‍රීඩා කරන හෝ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන ක්‍රීඩකයන් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.

ඒ අනුව මෙකී තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයන් තිදෙනකුට අවස්ථාව හිමි වන අතර, එම ක්‍රීඩකයන් ගෝල්ඩ් හා සිල්වර් යන කාණ්ඩවලින් එක් අයකු බැගින් සහ රූබී, සපයර්, ඩයමන්ඩ්, ප්ලැටිනම් යන කාණ්ඩවලින් ක්‍රීඩකයන් තිදෙනෙකු ආකාරයෙන් රඳවා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට අවස්ථාව හිමිව තිබේ.

මෙම තීරණයට අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ අවස්ථාවට පෙර අදාළ එක් සංචිතයක් තුළ සිටින්නේ ක්‍රීඩකයන් 5දෙනෙකු පමණි. එමෙන්ම ක්‍රීඩක කෙටුම්පත් කිරිමේ අවස්ථාවේදී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අවම වශයෙන් අවස්ථා 15ක් හිමිවනු ඇත. ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් පසුව එක් සංචිතයක් සඳහා උපරිම ක්‍රීඩකයන් 20 දෙනෙකු සිටිය යුතු වන අතර ඉන් ක්‍රීඩකයන් 6 දෙනකු විදෙස් ක්‍රීඩකයන් විය යුතු බව ද දක්වා කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුම්වත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ අනුව විදේස් ක්‍රීඩකයන්ට LPL නිල වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා දී ඇති බවද වැඩි දුරටත් සඳහන් වෙයි. පසුගිය 23 වැනි දා දහවල් 12.00 දක්වා ක්‍රීඩකයන්ට ලියාපදිංචි විමේ අවස්ථාව හිමිව තිබුණී.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ මුල් වට දෙක ඉන්ටර්නැෂනල් රූබී සහ ශ්‍රී ලංකා රූබී ලෙස අමෙරිකා ඩොලර් 60,000 ක ලන්සුවක් හිමි වන අතර සෆායර් කාණ්ඩය සඳහා හිමිවන ලන්සුව ඇමෙරිකානු ඩොලර් 50,000කී. ඩයමන්ඩ් කාණ්ඩයේ ඒ, බී හා සී. යන ඒකක 3න් සඳහා පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 40,000, 25,000 හා 20,000 යන ලන්සු හිමි වේ.

ප්ලැටිනම් කාණ්ඩය සඳහා හිමි වීමට නියමිත මුලික ලන්සුව වන්නේ ඇමෙරිකානු ඩොලර් 15,000කි. ගෝල්ඩ් කාණ්ඩය සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000ක් සහ සිල්වර් කාණ්ඩය සඳහා ඇමෙරිකානු ඩොලර් 3000 ක මුලික ලන්සුවක් හිමි වනු ඇති බව ද දක්වා ඇත.

ගීෂා මුණසිංහ

--------------------------

චමරි ශ්‍රේණීගත කිරීම්වල ඉහළට

චමරි අතපත්තු සිය ක්‍රිකට් ජීවිතයේ පිතිකරණ අංශයෙන් ඉහළම ප්‍රසාද ලකුණු ප්‍රමාණය හිමිකර ගෙන පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්හි 7 වෙනි ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 664ක් හිමිකර ගනිමින්ය.

පන්දුවාර විස්සයි20 ක්‍රිකට්හි හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර ද 7වැනි ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 279ක් හිමි කර ගනිමින්ය.

Comments