වමත් දඟපන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් | සිළුමිණ

වමත් දඟපන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්

 

 

ඇත්තට ම ගොඩක් සතුටු වෙනවා මෙහේ එන්න ලැබීම ගැන.මම ලංකාවට ආපු පළමු වතාව මගේ සීයා ඉපදිලා තියෙන්නේ මහනුවර.මම දවසක් එහේ ගියා. මගේ අම්මා හැඳුණේ කොළඹ. ඇත්තට ම ලොකු බැඳිමක් අපිට තියෙනවා.මෙහේ ආගන්තුක සත්කාරක හරියට වටිනවා.මම අප්පවලට හරි කැමැතියි.මගේ ආච්චි ආප්ප හදලා දෙනවා.මම මගේ සහෝදරයෝ එක්ක පුළුවන් හැම වෙලාවේ ම ආප්ප කනවා.

මේ වමත් දඟපන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ශ්‍රී ලංකා සංචාරයේ දි ප්‍රවීණ විස්තර විචාරක රසල් ආර්නල්ඩ් සමඟ පැවත් වු කතා බහක සාරාංශයකී.

ඔස්ට්‍රේලියාවේ ඇෂ්ටන් ඒගාර් ගැන මේ දිනවල මෙරට ලොකු කුඩා සියලු ම වැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. ඒ ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි20 සහ එක්දින තරග අතරතුර මහනුවර කුණ්ඩසාලේ ඒගාර්ගේ සීයා ගේ නිවස ඉදිරිපිට ලබා ගත් ඡායාරූයක් සිය මුහුණු පොතට එක්ක කර තබා තිබු සටහනත් සමඟමය. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වු සීයා මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි. හෙතෙම නමින් නාලක හේවාවිස්සයි. ශීලා හේවාවිස්ස ඒගාර් ගේ මිත්තණියයි.

මෙකී සිද්ධියට පෙර ඇෂ්ටන් ඒගාර් ගැන මෙරට ජනතාව උනන්දු වුයේ ,1998 වසරෙන් වසර 24 කට පසු පකිස්තානයේ තරග සංචාරයක නිරත වීමට සූදානමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ බිරිඳකට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් ඔස්සේ මරණීය තර්ජන සිදු කිරීමත් සමඟින් තරගාවලිය ආරම්භ වීමටත් පෙරාතුව ම විශාල කළු පැල්ලමක් එක්වීමය. ඒ වෙනකෙකුට නොව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර්ගේ බිරිඳ වන මැඩලීන්ට මේ ආකාරයෙන් තර්ජනයක් එල්ල වුයේ,මේ වසරේ පෙබරවාරි මාසයේදීය. එකී තරගාවලිය මාර්තු 4 වැනිදා තරගාවලිය ආරම්භ විය.

මේ අතර ඇෂ්ටන් ඒගාර් සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් වෙත කරුණු වාර්තා කර පසුව පරීක්ෂණයක් පවත්වන ලදී.කෙසේ වෙතත්, මෙම තර්ජනය විශ්වාස කළ නොහැකි බවත් ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමකින් යවා ඇති බවත් එය ඉන්දියාවෙන් විය හැකි බවත් මේ සඳහා පරීක්ෂණයක් සිදු කරන්නට පත් කර නිලධාරීන් කණ්ඩායම සඳහන් කර තිබුණි.

ඇෂ්ටන් ඒගාර් ඕස්ට්‍රේලියාවේ මාෂ් එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී අනතුරකට මුහුණදීම ද මෙරට මාධ්‍ය අතර දැඩි කතාබහට ලක්වු කරුණකි. ඒ බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරන ඒගාර් දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කැරන් ඕල්ටන් ඕවල්හිදී පැවැති තරගයකදී ඔහුගේ ම බාල සහෝදරයාගේ උඩපන්දුවක් රැක ගැනීමට තැත් කළ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දුන්නේය. මිඩ් ඕන් කලාපයට තරමක් පහතින් පැමිණි උඩ පන්දුව රැක ගැනීමට ස්ථානගත වීමේදී පාදය ඉදිරිපසට ලිස්සා යෑම හේතුවෙන් වේගයෙන් පැමිණි පන්දුව ඔහුගේ අව් කණ්ණාඩියේ ගැටීමත් සමඟ නාසය හා හිස අතර තරමක කැපුම් තුවාලයකට ලක්වීමය.

කෙසේ නමුත් ඒගාර් මෙම අනතුරට මුහුණදීමත් සමඟම ඔහුගේ බාල සහෝදරයා වන වෙස්ලි ඒගාර් දැඩි කම්පනයට ලක්වන අයුරු වීඩියෝ පුනරූපණවලින් දැකගැනීමට හැකි විය.

වයස අවුරුදු 16 දී, එනම් 2009 ඔක්තෝබර් මාසයේදී, ඔහු ලකුණු 85ක් ලබාගෙන පසුව පන්දු යවමින්, ඕවර 23කදී ලකුණු 31 කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වු අතර, ඉන් වැඩි කල් නොගොස් ඇෂ්ටන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ජාතික දක්ෂතා කළමනාකරු ග්‍රෙග් චැපල්ගේ ඇසට හසු විය.

ඇෂ්ටන් ඒගාර් 2013 දී නැඟි එන ක්‍රීඩකයෙකු ලෙස එංගලන්තයට යවන විට, ඔහුගේ පවුලේ අය බලාපොරොත්තු වූයේ ඔහු අළු බඳුන කණ්ඩායමේ සාමාජිකයන් විසින් පිතිකරණ පුහුණුවීම් සඳහා දඟ පන්දු යවමින් දැල් පිටියේ ක්‍රීඩා කරනු ඇති බවයි.

එවිට ජෝන් ඒගාර් සහ ඔහුගේ බිරිඳ සෝනියාට ඇෂ්ටන්ගෙන් ඇමතුමක් ලැබුණේ තමන් ක්‍රීඩා කරන බව පවසමිනි, ඔහුගේ මංගල තරගය නැරඹීමට පවුලේ අය ඉක්මනින් එංගලන්තයට ගියහ. 2013 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදී ම ටෙස්ට් පිටියේ අලූත් වාර්තා පිහිට වූ ඇෂ්ටන් ඒගාර් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ පිරිත් නූලක් බැඳගෙන බව ඇෂ්ටන්ගේ මව පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අලූතින්ම තෝරාගන්නා ලද යොවුන් ක්‍රීඩකයා වන ඇෂ්ටන් ඒගාර් සිය ලාංකේය සම්භවය පිළිබඳ ආඩම්බර වන බව ද ඔහුගේ මව පැවැසුවාය.

සෝනියා ඒගාර් මීට ඉහත මාධ්‍යයට කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවෙන් පිටවී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලූ දෙනාම තවමත් මෙරට චාරිත්‍ර වාරිත‍්‍ර පිළිපදින බවයි.

**********************

දඹුල්ලේ දී ඇවිළෙන ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 හටන

පළමු විස්සයි20 තරගය – ජුනි 23 – දඹුල්ල

දෙවැනි විස්සයි20 තරගය – ජුනි 25 – දඹුල්ල

තෙවැනි විස්සයි20 තරගය – ජුනි 27 – දඹුල්ල

Comments