නිර්දේශපාලනිකයාගේ කලකිරීම | සිළුමිණ

නිර්දේශපාලනිකයාගේ කලකිරීම

ඈපාසිංහ කොමියුනිස්ට් කාරයෙක් මේ මිනිහව නාලන්දෙට නෙමේ හොඳ තූත්තුකුඩියට.

ජීවන මඟ නිවැරැදිව අවබෝධකර ගන්නකුට එහි සිදුකරන්නා වූ දීර්ඝ ගමන කෙදිනකවත් වරදින්නේ නැත. එවැන්නෙකුට එහි ඇති අසීරු තාවය සමහන් කරගැනීමට හැකිය. කොතෙක් බාධක කම්කටොළු පැමිණිය ද ඒවා මඟහරින්නට ඔහුට පිළිවන්. එහිදී ස්වකීය ජීවන අරමුණ වෙත යාමට බුද්ධිය ඔහුට සහාය වෙයි. ඈපාසිංහයන් ගේ ජීවිතය ද වැටෙන්නේ එවැනි අවබෝධාත්මක ජීවිතයක හිමිකම ලැබූවන්ගේ ගණයට ය.

වියතුන්, විද්වතුන් ඇසුරෙන් ලැබූ අත්දැකීම් නිසා ඈපාට ස්වකීය ජීවන ගමන පෝෂණය කරගන්නට හැකියාව උදාවිණි. එහෙයින් අවිවාදයෙන්ම ඔහුට සිය දිවි ගමන අර්ථවත් කර ගැනීමට හැකි වූයේය. ගතින් වියපත් වුව ද අදටත් මනසින් ඈපාසිංහයන් පොහොසතකු වන්නේ එබැවිනි. ආලෝකයෙන් ආලෝකයට ගිය ජිවිතයක හිමිකරුවකු සේ සැලකිය හැකි ඈපාසිංහයන් ගේ දීප්තිමත් අතීත ජීවිතයේ තවත් පරිච්ඡේදයක සංක්ෂිප්ත දිගහැරුමකි මේ.

ඈපාසිංහයන්ගේ වුවන තවමත් ප්‍රභාමත්ය.එහි ඇති ආලෝකය තව තවත් උද්දීපනය වන්නේ අතීතය වඩ වඩාත් ස්පර්ශ කරන විටය. විටෙක ඔහු සිනහසෙමින් අතීතය සිහිපත් කරන්නේය. තවත් විටෙක අතීතය ගැන නොව එහි ජීවත් වූ සද්විහාරික මිතුරන්ගේ වියෝවීම් ගැන යම් කනගාටුවක් ඇතිවී නැතිවී යන්නාක් මෙන් දිස්වෙයි. එහෙත් ඔහුගේ දෙනෙත් කාන්තියේ ප්‍රබලත්වය තරමක් මන්දගාමී වූ ගමන් ලීලාව හේතුවෙන් මැකී යන්නේ නැතග ඔහුගේ දිවියේ තවත් මතක ගොනුවක් අවුස්සන්නට ‘ක්‍රීඩා’ උත්සාහ කළේ විජේරාමයේ පිහිටි ඔහුගේ නිවසේ ආලින්දයේ සිටිමිනි.

ක්‍රීඩකයෙකු ලෙස සිය දිවිය නව මානයකට හැරවූ ඈපාසිංහයන් අනතුරුව ගුරුවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වශයෙන් ද ස්වකීය දිවියට අත්දැකීම් සම්භාරයක් එක්කර ගත්තේය. ඉන් වූයේ ඔහුගේ ජීවන අවබෝධය තවදුරටත් අර්ථවත් කරගැනීමට අවස්ථාව උදාවීමය. විද්යෝදය විදු පියස යනු ඈපාගේ අධ්‍යාපන චාරිකාවේ තවත් සාර්ථක චාරිකාවක්ම විය.

‘1966 වසරේ තිබුණු අවසන් විභාගයෙන් පස්සේ හිතේ තෙරපිලා තිබුණු තද බදේ හෑල්ලූ වුණා වගේ දැනුනා. මේ ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලාග ටික දවසකට හරි නිවාඩුවකට දුර ඈත පළාතකට යන්න තියෙනව නම් කියලා හිතුන වාර අපමණයි. මොනව වුණත් මම විභාගේ අවසන් කළ බව වික්‍රමරත්න මහත්තයට ගිහින් කිව්වා. එතුමාත් මාව නාලන්දාවට ගන්න හිතාගෙන එවකට අධ්‍යාපන ඇමතිව හිටපු අයිග එම්. ආර් ඒ. ඊරියගොල්ල මහත්තයව මුණ ගැහුණා. දැන් කාලේ වගේ නෙමේ ඒ දවස් වල අවසන් විභාගේ ඉවර වුණු ගමන්ම වගේ ගුරු පත්වීම් ලැබුණා. මාව නාලන්දෙට අවශ්‍ය බව වික්‍රමරත්න සර් ඇමතිතුමාට කියපු ගමන් එතුමා දුන්නු උත්තරේට වික්‍රමරත්න සර් විතරක් නෙමේ මමත් අන්ද මන්ද වුණා.‘‘

ඈපාසිංහ කොමියුනිස්ට් කාරයෙක් මේ මිනිහව නාලන්දෙට නෙමේ හොඳ තූත්තුකුඩියට. ඒ නිසා වික්‍රමරත්න මහත්තයාගේ ඉල්ලීම මට ඉෂ්ඨ කරන්ඩ බැහැ’’ ඊරියගොල්ල මහත්තයා කියලා තිබුණාෙ.

ඒත් මම කවදාවත් දේශපාලනේ කරපු කෙනෙක් නෙමේග මේ කතාව අහලා මට ඇති වුණේ හරිම කලකිරීමක්. ඒ වගේම වික්‍රමරත්න සර් මම නිසා පත් වුණ අපහසුතාවය ගැනත් මට තිබුණේ කනගාටුවක්. ඒ නිසාම මම මේ වැරදි අවබෝධය ගැන සොයා බැලුවා. ඒක මම කළේ විශ්ව විද්‍යාලයේ මගේ සමකාලීනයින් කිහිප

දෙනෙක්ම මුණගැසුණා. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කරපු සමවාදී ශිෂ්‍ය සංගමය තමයි විද්යෝදයේ බලය අල්ලගෙනයි හිටියේ. මා සමඟ සමීපව සිටි සමකාලීනයින් කිහිප දෙනෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කිරීම ගැන ඔවුන් අතර පොඩි විරසකයක් තිබුණා. මම විශ්ව විද්‍යාලය තුළ රැදී සිටිය කෙටි කාලයේ ශිෂ්‍ය සංගම් සමග කටයුතු කරන්න වෙලාවක් තිබුණෙම නැහැ. ඒ නිසා ඔවුන් ඇමතිවරයාට වැරදි අවබෝධයක් ඇතිකරලා තිබුණු බවයි කරුණු සොයද්දී මට දැනගන්න ලැබුණේ.

මම හනික ‘වික්‍රමරත්න සර්ව’ මුණගැහිලා මේ තොරතුර ගැන කිව්වා. ගුණපාල වික‍්‍රමරත්න සර් කියන්නේ නාලන්දාවේ යුග පුරුෂයෙක්ග එතුමා අධ්‍යාපනය, ක්‍රීඩාව වගේ හැම අංශයකින්ම නාලන්දාවේ නාමය ඉහළින්ම තියන්න අනගි සේවයක් ඉටුකළා. මේ ගැන අහලා එතුමා දුන්න උත්තරය අදටත් වටිනවා.’’ ඈපාසිංහයන් පැවසූයේ දීප්තිමත් මතකයක් සිහිපත් කරන යෞවනයකු තුළ ඇති උද්දාමය පරිදිය.

‘‘ඈපාසිංහ ඕනැම උගතෙක් දේශපාලනයට වෙන්න පුලුවන් එහෙමත් නැත්නම් වෙන ලොකු තනතුරකට ආවා වෙන්න පුළුවන්ග එහෙම ආපු ගමන් බලු කපුටො වගේ ඔහුව වටකර ගන්න කේලම්කාර කේවට්ටයො නිසා අර උගතාගේ දෘෂ්ඨිය, බුද්ධිය මොටවෙනවා. ඒක දේශපාලනයෙවත් තනතුරේවත් වරදක් නෙවෙයි. අපේ ජාතික ඉතිහාසයේම තියන වරදක්. අපි

නිහඬ වෙලා ඔය වැරුද්ද නිවැරදි කරගන්න එයාටම ඉඩ දෙමු.’’ කියලා කීවා.

ගුණපාල වික්‍රමරත්න මහතා එදා දැක්වූ එම අදහස අදටද සත්‍යයකි.

‘වැඩි කාලයක් යන්න කලින් මට සීගිරියට පත්වීමක් ලැබුණාග තූත්තුකුඩියට යනවට වඩා සීගිරය කොයිතරම් හොඳයිද කියලා මට හිතුණා. මොකද මම ඉතිහාසය හදාරපු කෙනෙක් නිසා එය වැඩිපුර එහෙම දැනෙන්න ඇතිග සීගිරියට යන්න කලින් මේ බව ලේක් හවුස් එකට වාර්තා කළා. ඩේලි නිවුස් පත්තරයේ ප්‍රධාන කර්තෘ සිසිල් ග්‍රැහැම් මහත්තයා සීගිරියේ තානායමේ කළමනාකාර ඒ ඩබ්ලිව් පී රණසිංහ මහතාට මා ගැන දුන්නා රෙකමදාරුවක්. ඒ නිසා මට සීගිරිය තැපැල් ස්ථානාධිපති ධනපාල මහත්තයගේ ගෙදර නවාතැන් ගන්න හැකිවුණා.’ ඈපාසිංහයෝ සිය සීගිරි ගමන ගැන පවසති.

‘මට විශේෂයෙන් මෙහිදී තවත් දෙයක් කියන්න ඕනෑග සීගිරියේ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ධනපාල මහත්තයගේ පුතා රංජිත් ධනපාල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන දැනටත් එහේ සේවය කරනවා. සීගිරියේ ගත කරපු කාලේ මගේ ක්‍රිකට් ක්‍රීඩාවට තාවකාලිකව සමුදෙන්න සිදුවුණත් ඇත්තෙන්ම මම බලාපොරොත්තු වෙලා හිටපු වෙනස ඊරියගොල්ල මහත්තයට පිංසිද්ධ වෙන්න උපරිමයෙන්ම අත්විඳින්න හැකිවුණා.

මොකද සීගිරිය වගේම එහේ ගැමියොත් හරිම සුන්දරයිග සීගිරිය විද්‍යාලයේ හිටියේ ළමයි සීයකට ආසන්න ප්‍රමාණයක්. මාත් එක්ක ගුරුවරු හතර දෙනෙක් ඉගැන්වූවා. එතන හිටිය එකම උපාධිධාරී ගරුවරයා වුණේ මමයි. ඒ කාලේ සීගිරියේ මිනිස්සු දේවත්වයෙන් සලකපු දෙන්නෙක්

හිටියා. එක්කෙනෙක් තමයි පරණවිතාන

මහත්තය අනිත් කෙනා ශිව රාමලිංගම් දොස්තර මහත්තයා. කාලයක් යද්දි ඔහු මගේ හොඳ හිතවතෙක් වුණා. ඒ වගේම දඹුල්ලේ ඒ ඩී ජෝන් දොස්තර

මහත්තයා ඔහුත් මාත් අතර හිතවත්කම ඇති වුණේ ක්‍රීඩාව නිසයි. ඔහුගේ ටෙනිස් කෝට් එකේ ටෙනිස් සෙල්ලම් කරන්න මම සෑම සති අන්තයකම දඹුල්ලේ ගිය නිසා මගේ ක්‍රීඩා උන්මාදය ටිකක් හෝ සමහන් වුණා.’ ඔහු කීවේ සිනහසෙමිනි.

මේ අතර 1967 වසරේ උපාධි

ප්‍රධානෝත්සවයත් පැවැත් විණි. එම වසරේ ඔක්තෝබර් 14 ඈපාසිංහයන්ගේ දිවියේ තවත් පෙරළියක් ඇති කිරීමට මුල පිරූ දිනයක් බවට පත්විණි. ඒ කිසිවකු හෝ සීගිරි බිතු සිතුවම්වලට හානි කිරීමය. එම ප්‍රවෘත්තිය ලේක් හවුස් ආයතනයේ සියලුම ප්‍රකාශන මගින් ලොවටම හෙළිකිරීමට කටයුතු කළේ අපේ

කතානායකයාය. එය ඈපාසිංහයන් ගේ මාධ්‍ය මෙහෙවර බෙහෝ දෙනෙකුගේ පැසසුමට

ලක්කළ අතර ඊරියගොල්ල ඇමතිවරයා තුළ ඈපාසිංහ කෙරෙහි පැවති අනවබෝධයද අවසන් කළේය.

ලබන සතියට -

ආලකමන්දාවෙන් නාලන්දාවට

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments