පුරන් කුඹුරු අක්කර දහ­සක් පුබු­ද­න්නට වෙහෙ­සෙන තිනි­පි­ටි­ගම තරු­ණයෝ | Page 2 | සිළුමිණ

පුරන් කුඹුරු අක්කර දහ­සක් පුබු­ද­න්නට වෙහෙ­සෙන තිනි­පි­ටි­ගම තරු­ණයෝ

ත්මන් තරුණ පර­පුර පිළි­බඳ දැන් අස­න්නට ලැබෙන්නේ එත­රම් සුබ­දා­යක පුවත් නොවේ. එවැනි තත්ත්ව­යක් තුළ තරුණ පර­පු­රට ම ආද­ර්ශ­යක් වෙමින් රට වෙනු­වෙන් විශාල සේව­යක් ඉටු කරන තරුණ පිරි­සක් පසු­ගි­යදා අපට හමු විය.

මාදම්පේ තිනි­පි­ටි­ගම පදිංචි එම තරුණ පිරිස කුඹුරු අක්කර දහ­ස­කට ආසන්න කුඹුරු යායක් දෙක­න්න­යේම වගා කිරී­මට අවශ්‍ය ජලය රඳවා තබා ගත හැකි මාදම්පේ තිනි­පිටි වැවේ වසර ගණ­නා­වක පටන් රැඳී ඇති සැල්වි­නියා ඇතුළු ජලජ ශාඛ මුළු­ම­ණින්ම ඉවත් කිරී­මට පිය­වර ගෙන තිබේ.

ප්‍රදේ­ශයේ ගොවි ජන­තාව මෙන්ම විවිධ සංවි­ධාන ද විවිධ අව­ස්ථා­ව­ලදී අදාළ බල­ධා­රී­න්ගෙන් මෙම වැව ප්‍රති­සං­ස්ක­ර­ණය කර දෙන මෙන් ඉල්ලා සිටිය ද ඔවුන්ගේ අව­ධා­නය මෙතෙක් ඒ සඳහා යොමු නොවූ බැවින් වැව සුද්ධ පවිත්‍ර කිරී­මට පිය­වර ගත් බව එම තරුණ පිරිස පැව­සූහ. මීට වසර ගණ­නා­ව­කට පෙර වයඹ පළාත් සභාවේ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මෙම වැවේ සැල්වි­නියා ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරී­මට මුද­ලක් වෙන් කර එම කට­යුතු ආරම්භ කළත් පසුව එම කට­යුතු නතර වූ බවත් එයින් ඇතැ­මුන් ඔවුන්ගේ සාක්කු පුරවා ගත් බවත් ගම්වා­සීහු පැව­සූහ. එවැනි තත්ත්ව­යක් තුළ තරුණ පිරිස ඉටු කළ මෙම ප්‍රජා සත්කා­රය ගම්වා­සීන්ට මහ­මෙ­රක් තරම් අගනේ ය.

වැව පවිත්‍ර කිරීමේ කට­යු­ත්තට පුරෝ­ගාමී නාය­ක­ත්වය දුන් මාදම්පේ තිනි­පි­ටි­ගම පදිංචි ඩබ්ලිව්.එම්.ධනුෂ්ක සිල්වා තරු­ණයා ඒ ගැන මෙසේ පැව­සු­වේය.

“මාදම්පේ මහ වෙල් යායේ කුඹු­රු­ව­ලින් සම­හ­රුන්ට අක්කර පහ, දහය අයි­තියි. ඒවා දෙක­න්නය වගා කර ගන්න බැරිව පුරන් වුණේ අවශ්‍ය ජලය නොමැ­ති­ක­මින්. ඊට හේතු වුණේ එම යායට ජලය ලබා ගන්නා තිනි­පිටි වැව විවිධ ජලජ ශාක­ව­ලින් වැසී තිබී­මෙන් වැව ගොඩවී තිබීම නිසයි. අපි වැව සුද්ධ පවිත්‍ර කිරී­මට පිය­වර ගත් අව­ස්ථා­වේදී සම­හරු අපව අක­ර්මන්‍ය කිරී­මට විවිධ කතා පැව­සුවා. නමුත් අපි පසු­බට වුණේ නැහැ. බුද්ධි­මත් අය අප අගය කර­මින් අපට මුද­ලින් ආධාර කළා. දිරි­මත් කළා. එයින් ලැබුණු ශක්තිය සහ ධෛර්යය නිසා තමයි අපි මෙම කාර්යය සිදු කළේ. ගමේ ගොවි සංවි­ධා­නය අපට ලොකු ශක්ති­යක්. ඔවුන්ගේ සහ­යෝ­ගය සහ අධී­ක්ෂ­ණය මතයි අපි වැවේ ජලජ ශාඛ ඉවත් කිරීමේ කට­යුතු කර­ගෙන යන්නේ. පුත්ත­ලම කෘෂි­කර්ම නිල­ධා­රීන්ද අපට ලොකු ශක්ති­යක් වුණා. ඔවු­න්වත් අප අගය කළ යුතුයි. අපේ අර­මුණ වැවෙන් ඉවත් කරන ජලජ ශාක පොල් වතු­ව­ලට පෝර වශ­යෙන් යෙදී­මට විකි­ණී­මයි. එයින් ලැබෙන මුද­ල්ව­ලින් තිනි­පිටි වැවේ අම­තර ජල රැඳ­වුම් වැවත් සුද්ධ පවිත්‍ර කරන්න බල­පො­රොත්තු වෙනවා. තරුණ තරු­ණි­යන් නිකම්ම කාලය ගත­ක­ර­න­වාට වඩා මෙවැනි දේක යෙදී­මෙන් රටට සේව­යක් සැල­සෙ­නවා. දේශ­පා­ල­ඥ­යන් ගමට හැම­දේම කරලා දෙයි කියලා බලා­පො­රොත්තු වීම තරු­ණ­ක­මට ගැළ­පෙන්නෙ නැහැ.“

ඔහුගේ වදන් තුළ තරුණ පර­පු­රට ආද­ර්ශ­යක් ගැබ් වී ඇත. තිනි­පි­ටි­ගම තරු­ණ­යන්ගේ ඒ උද්යෝ­ගය සහ කැප­වීම ගම්වැ­සි­යන්ද ප්‍රබෝ­ධ­යට පත් කර තිබේ. තිනි­පි­ටි­ගම තරු­ණ­යන් රටට ම ආද­ර්ශ­යක් බව ඔවුන්ගේ අද­හ­සයි. පුත්ත­ලම දිස්ත්‍රික් වාරි මාර්ග ඉංජි­නේරු ඩී.සී.හෙට්ටි­ආ­රච්චි ඒ ගැන මෙසේ කීවේය.

”තිනි­පිටි වැව ආශ්‍රිත ගොවි සංවි­ධා­නය කාල­යක සිට මෙම වැවේ ඇති ජලජ ශාක ඉවත් කරන මෙන් ඉල්ලීම් ගණ­නා­වක් ම ඉදි­රි­පත් කළා. නමුත් අපට තිබූ ප්‍රශ්ණය ඒ ඉල්ලීම ඉටු කිරී­මට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ දුෂ්ක­ර­තා­වයි. ඒ නිසා එම ඉල්ලීම් යට­පත් වුණා. මුදල් ප්‍රශ්ණය නිසා අපි අසී­රු­තා­ව­කට මුහුණ දුන්නා. මේ කාලයේ වැඩි දෙනෙකු වැව් පවිත්‍ර කර­නවා කියලා කරන්නේ වැව් හාරලා වැලි කැණිම් කරණ එකයි. එවැනි තත්ත්ව­යක් තුළ තමයි තිනි­පි­ටි­ගම පදිංචි ධනුෂ්ක සිල්වා කියන තරු­ණයා අපෙන් අව­සර ඉල්ලුවේ මෙම වැවේ ජලජ ශාඛ ඉවත් කිරී­මට. ඔහු කියා සිටියේ ගමෙන් මුදල් එකතු කරලා වැව පවිත්‍ර කරන බවයි. එම ඉල්ලීම සාධා­රණ බව වැට­හීම නිසා අප ඊට අව­සර දුන්නා. හැබැයි වැවේ කැණිම් කරන්න අප තහ­නම් කළා. මේ බව මාදම්පේ පොලි­සි­ය­ටද දැනුම් දීලා අතින් ජලජ ශාක ඉවත් කරන්න ඉඩ දුන්නා. පසුව අතින් මෙම කාර්ය කරන්න බැරි නිසා යන්ත්‍ර­යක් දාලා එම කාර්යය සිදු කරන්න අව­සර දුන්නා. අපි මෙම තරුණ පිරි­සගේ ධෛර්යය ගැන ආඩ­ම්බර විය යුතුයි.මේ වන විට ඔවුන් ගමේ ජන­තා­වගේ ආධාර එකතු කරලා ජලජ ශාක ඉවත් කර­නවා. අපේ නිල­ධා­රින් විටින් විට ගොස් පරික්ෂා කර බල­නවා. එම කාර්යය අපි කවු­රුත් අගය කරන ආකා­ර­යට සිදු වෙමින් තිබෙ­නවා. මේ තරු­ණ­යන්ගේ උත්සා­හය මුළු රටේම වත්මන් තරුණ පිරි­සට ආද­ර්ශ­වත් එකක් වන­වාට සැක නැහැ“

සෑම දෙයක්ම රජ­යෙන් කෙරෙන තෙක් බලා සිටින ජන­තා­වක් වාසය කරන රටක තිනි­පි­ටි­ගම තරුණ කැල මෙම වැව පවිත්‍ර කිරීමේ වැඩ­ස­ට­හන තුළින් මහඟු ආද­ර්ශ­යක් ලබා දී ඇත. ඔවුන්ගේ මෙම ප්‍රය­ත්නය රටේ සියලු තරු­ණ­යන්ට ආද­ර්ශ­යක් වනු දැකීම අපගේ ද පැතු­මයි.

Comments