ශ්‍රී ලංකා මුහුදේ ගිනි ගත් තෙල් නැව | සිළුමිණ

ශ්‍රී ලංකා මුහුදේ ගිනි ගත් තෙල් නැව

ශ්‍රී ලංකා නැගෙ­න­හිර මුහුදු කලා­පයේ සංග­මන් කන්ද තුඩුව සිට නාවුක සැත­පුම් 38 ක් දුර මුහුදේ යාත්‍රා කර­මින් තිබූ ඉන්දි­යාවේ විශා­ල­තම තෙල් පිරි­ප­හදු කර­න්නෙකු වන ඉන්දි­යන් ඔයිල් කෝප­රේ­ෂන් සමා­ග­මට අයත් බොර තෙල් තොග­යක් ප්‍රවා­හ­නය කර­මින් සිටි මහා පරි­මාන බොර තෙල් ප්‍රවා­හ­ක­යෙකු වන MT NEW DIAMOND නෞකාව අන­තු­රට පත්වූයේ පසු­ගිය 3 වැනි­දාය. මෙම නෞකාව අගෝස්තු 23 වන දින කුවේ­ටයේ මීනා අල් අහ­මඩ් සිට පිටත් වූයේ සැප්තැ­ම්බර් 5 වන දින ඉන්දි­යාවේ ප්‍රදාප් වරා­යට ළඟා වීම­ටය.

 

පැනමා රටට අයත් එම නෞකාව කුවේ­ටයේ මීනා අල් අහ­මන්ඩි වරායේ සිට ඉන්දි­යාවේ ප්‍රදාප් වරා­යට ගමන් කරන අතර මෙම ගින්න හට ගත්තේ මෙහි බොර තෙල් මෙට්රික් ටොන් 270,000ක් හා ඩීසල් මෙට්රික් ටොන් 1,700 ක් ද රැගෙන යමින් සිටි­ය­දීය. මෙහි කාර්ය මණ්ඩ­ලයේ පිලි­පීන ජාති­ක­යින් 18 දෙනෙක් සිට ඇති අතර ශ්‍රීක ජාති­ක­යන් 5 දෙනෙක් සිට ඇති අතර මේ සියලු දෙනා ජීවිත අව­දා­න­මක් දර­මින් අපේ නාවුක හමු­දාව විසිනි. මෙම ලිපිය ලියන මොහොත වන විටත් MT NEW DIAMOND නම් වූ මෙම නෞකාවේ ගින්න පාල­නය කිරී­මට හා නැව මුහුද දෙසට ඇඳ­ගෙන යාමට දැඩි පරි­ශ්‍ර­ම­යක යෙදි සිටියි. ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අයත් එම් අයි 17 වර්ගයේ හෙලි­කො­ප්ටර් යාන­යක් මේ වන විට ගින්න නිවීම සඳහා ගුව­නින් ජලය ඉසිම, පෙණ වර්ග උඩු ගුවනේ සිට පොම්ප කිරීම සිදු කළ අතර ශ්‍රී ලංකා නාවික හමු­දාව, ශ්‍රී ලංකා ගුවන් හමු­දාව, ශ්‍රී ලංකා වරාය අධි­කා­රිය, ඉන්දි­යානු නාවික හමු­දාව හා ඉන්දීය වෙරළ ආර­ක්ෂක බළ­කාය ඒකා­බ­ද්ධව මෙම මෙහෙ­යුම දියත් කරනු පසු­ගිය සති අන්තයේ දක්නට ලැබුණි.

මෙහි බර­ප­ත­ළ­කම හා පසු විපාක වඩාත්ම තීව්‍ර වන්නේ මේ නැවේ අන්ත­ර්ගත සුවි­ශාල තෙල් ප්‍රමා­ණය හා යම් හෙය­කින් එම තෙල් සාග­ර­යට මුසු වීමේ අව­දා­නම නිසා­වෙනි. පසු­ගිය මාසයේ මොරි­ෂස් දුපත්හි මෙවැ­නිම තෙල් ටොන් 1000 ක් රැගත් නැවක් අන­තු­රට ලක්වී­මෙන් එහි සුන්දර වෙරළ තීර කරා තෙල් ළඟා වී ඇති අතර, කොරල් පර හා වෙනත් දේශීය වන ජීවීන් මෙන්ම රටේ සංචා­රක කර්මා­න්ත­යට තර්ජන ඇති කර­න්නට විය. මොරි­ෂස් වෙරළ තීරයේ තෙල් කාන්දු වීම හා පරි­සර පද්ධ­ති­යට තර්ජ­නය වළක්වා පිරි­සිදු කිරීම් කර­න්නට සහාය දෙන බව එදා ඔවුන්ට ජපා­නය පොරොන්දු විය. අද මේ අව­දා­නම අපට අත්වි­ඳි­න්නට සිදුව ඇත. යම් හෙය­කින් මෙම නැව පුපුරා ගිය­හොත්, තෙල් ටැංකි ගිනි ගත­හොත් නැති­නම් මේ නැව වෙරළ තීර­යට පාවී ආවොත් එවැනි තත්ත්ව­යක් දර­න්නට අපේ සුන්දර වෙරළ තීර­යට හැකි­වේද?

මේ සම්බන්ධ අපිට සුළු අත්දැ­කී­මක් ඇත්තේ 2015 වස­රේදි ය. ඒ හික්ක­ඩුව මුහුදු තීර­යේදි තෙල් ටොන් 200 ක ගිනි ගැනී­මය. මෙම තෙල් නැව ගිනි ගෙන පුරා දිනක් ගත වුවද එහි ගින්න පාල­නය කිරි­මට යම් ආකා­ර­ය­කින් අපො­හො­සත් විම මෙහි ඇති භයං­ක­ර­ත්වය තීව්‍ර කර­ව­න්නට සමත් වන අතර යම් විනා­ශ­යක අව­දා­නම මෙම ලිපිය ලියන මොහොත වන විටත් බැහැර වී තිබුණේ නැත. සිකු­රාදා උදැ­සන වන විටත් මෙම නැව නාවික සැත­පුම් 38 ක් දුරින් තිබූ නැව නාවුක සැත­පුම් 25 ක් දක්වා ගොඩ­බිම දෙසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

“අපේ අව­ධා­නය මුලින්ම යොමු වන්නේ මේ ගින්න නිවීම කෙරෙ­හියි. මේ වන විටත් නැවේ ස්ථායි­තා­වය ගැන ගැට­ලු­වක් මතු­වෙ­නවා. ගින්න නිවුණු පසු නැව අපේ වෙරළ තීරයෙන් ඈත මුහුදු කලා­ප­යට ඇඳ ගෙන යායුතු වෙනවා. මේ වන විටත් මුහු­දට තෙල් කාන්දු විම වළක්වා ගන්න අපි විවිධ ක්‍රියා මාර්ග ගෙන තියෙ­නවා. මෙය අපට අලුත් අත්දැ­කි­මක් නිසා විදෙස් විශේ­ෂඥ සහය අවශ්‍ය වෙනවා. මෙම නෞකාවේ ඉන්ධන මුහුදු ජල­යට කාන්දු වුණොත් සිදු­විය හැකි හානිය විශා­ලයි. එය සාගර කලා­ප­යට දැඩි බල­පැම් එල්ල කර­න්නට පුළු­වන්. සම­හර විට කාල­යත් සමඟ නිසි ක්‍රියා­මාර්ග නොගත හොත් ටිකෙන් ටික තෙල් සාගර ජල­යට මුසු විය හැකියි. තෙල් කාන්දු වුව­හොත් ඒ සඳහා ගත හැකි විවිධ ක්‍රියා­මාර්ග අපිට අත් හදා බල­න්නට සිදු වෙනවා. සම­හර විට බූම් දමා හෝ තෙල් එකතු කර­න්නට සිදු වෙනවා. අවම හානි සඳහා වන ක්‍රියා මාර්ග ගැනී­මට සිදු­වෙ­නවා. මේ ප්‍රදේ­ශයේ මුහුදු ජීවීන් විශාල ප්‍රමා­ණ­යක් ගැව­සෙ­නවා. තල්ම­සුන් මෙන්ම ඩොල්ෆි­න්ලාද විශාල වශ­යෙන් ගැව­සෙන නිසා යම් හෙය­කින් තෙල් කාන්දු වුව­හොත් මේ ජීවීන් සියල්ල අන­තුරේ. ඒ වගේම ලංකාවේ කොරල් පර වල­ටත් මෙයින් සිදු­වන හානිය සුවි­ශා­ලයි. වෙරළ කලා­පය ආශ්‍රි­තව ජීවත් වන ජන­තා­වට මේ දුම ආඝ්‍රා­ණය වීම හොඳ නැහැ. මේ තෙල්ව­ලින් පිට­වන දුම ඉතා සැරයි. මෙයින් යම් ආකා­ර­යක සමේ රෝග ඇති විමේ අව­දා­න­මක්ද පව­ති­නවා. අපි ධීව­ර­යින්ට කියන්නේ මේ සමී­ප­යට යන්න එපා. අවම තර­මින් කිලෝ මීටර 5-6 ක දුරින් හෝ සිටින්න කියා. මෙයට නිරා­ව­ර­ණය වුව­හොත් ජීවිත හානි පවා සිදු­විය හැකියි...“ඒ සමු­ද්‍රිය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ සාමා­න්‍යා­ධි­කාරී ආචාර්ය, රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ කථි­කා­චාර්ය ටර්නි ප්‍රදිප් කුමා­රය.

නාවිකයන් බේරාගනිමින්

සමුද්‍ර ජීවී අධි­කා­රිය පව­සන්නේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් මුහු­දට මුසු­වන බොර තෙල් ඉවත් කිරි­මට හා මුහුදු වෙරළ පිරි­සුදු කිරි­මට යන විය­දම මෙන්ම සංචා­රක කර්මා­න්ත­යට මෙන්ම ධීවර කර්මා­න්ත­ය­ටත් සිදු­වන හානි­යට අදාළ වන්දි එම නැව අයිති සමා­ග­මෙන් අය කර ගැනි­මට සිදු­වන බවයි.

“ සාග­ර­යට තෙල් මුසු විමෙන් කොරළ් පර, මාළු වර්ග මෙන්ම වෙරළ සියල්ල විනා­ශ­යට පත් වෙනවා. හානිය ඇස්ත­මේන්තු කරන්න අප­හ­සුයි. මේ වගේ අව­ස්ථා­වක කළ යුත්තේ සිදු­වන විනා­ශය අවම කර ගන්න ක්‍රියා මාර්ග­ගැ­නි­මයි. ගිනි ගන්නා නැව වටේ­ටම බෝයා යොදා තෙල් විසිරි නොයන ලෙසට තාව­කා­ලික වැටක් සකස් කළ යුතුයි. එසේම යම් යම් රසා­ය­නික ද්‍රව්‍ය ඉසි­මින් තෙල් බෝල බවට පත් කර ගැනීමේ ක්‍රම­වේද පව­ති­නවා. ඉන්පසු එය ඉවත් කර ගැනිම පහසු වෙනවා. ලංකාවේ මීට පෙර නැව්ව­ලින් තෙල් ලීක් වු විට හා නැව් ගිලුණු අවස්ථා වල මේ වගේ දේවල් කළා. කෙසේ වෙතත් ගින්න පාල­නය කර ගත හොත් සිදු­විය හැකි හානිය අවම කර ගත හැකියි...“ඒ පරි­සර යුක්ති කේන්ද්‍රයේ විධා­යක අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පරි­සර විද්‍යාඥ හේමන්ත විතා­න­ගේය..

කෙසේ වෙතත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපි­රීම් වලින් සමඟ නෞකා බඳෙහි ඉරි­තැ­ලීම් කිහි­ප­යක් නිරී­ක්ෂ­ණය වි ඇත. මේ නිසා ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අනු­මාන කරන්නේ තෙල් පිපි­රී­මක් ඕනෑම වේලා­වක සිදු­විය හැකි බවය. සමු­ද්‍රිය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රිය පව­සන්නේ යම් හෙය­කින් තෙල් විසි­රී­මක් සිදු­වු­ව­හොත් කල්කුඩා, පාසි­කුඩා හා ආරු­ගම්බේ ප්‍රදේ­ශ­ව­ලට පම­ණක් නොව වාකරේ හා ත්‍රිකු­ණා­ම­ලයේ පරෙවි දූප­ත්ව­ලට හානි­යක් විය හැකියි. ඊට අම­ත­රව තෙල් පහ­ළට පැමි­ණි­ය­හොත් අනි­වා­ර්ය­යෙන්ම කිරින්ද ප්‍රදේ­ශය දක්වා ම පැතිර යා හැකි බවයි. යම් හෙය­කින් තෙල් කාන්දු­වක් ඇති වුව­හොත් මෙය මේ කලා­පයේ ඇතිවූ විශා­ලම තෙල් කාන්දුව විය හැකි බවට බොහෝ දෙනා අන­තුරු අඟ­වති. තෙල් කාන්දු­වක් ඇති වුව­හොත් එය වෙරළ කරා ළඟා­වී­මට පැය තිහක පමණ කාල­යක් ගත­වන බව ගණන් බලා ඇත.

සිකු­රාදා දහ­වල් වන විටත් ගොඩ­බිම දෙසට ඇදී එන නැව මුහුද දෙසට ඇඳ ගෙන යාමට කට­යුතු කර ඇත.

මේ අතර අනතුරට පත් නෞකාවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට සිකුරාදා උපදෙස් ලබා දුන්නේය.

Comments